Saturday, April 19, 2025
Home » ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා පිල හෙට චීනය බලා යයි

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා පිල හෙට චීනය බලා යයි

by Gayan Abeykoon
March 18, 2025 4:15 pm 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භාගි වන දොළොස් දෙන­කු­ගෙන් යුත් ශ්‍රී ලංකා පිල හෙට චීනයේ නැංජින් බලා පිටත්ව යෑමට නිය­මි­තය. මීටර් 60 ධාවන ඉසව්ව සඳහා චමෝද් යෝධ­සිංහ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉස­ව්වට කවීෂ බණ්ඩාර හා මීටර් 400 ධාවන ඉස­ව්වට කාලිංග කුමා­රගේ ඍජු සුදු­සු­කම් ලබා ගත්හ.

මෙයට අම­ත­රව මීටර් 400 සහාය දිවීමේ පිලට සහ­භාගි වන ඉසුරු ලක්ෂාන්, දිනුජ රන්දිම මධු­ෂාන්, සදෙව් විමංස, ඔමෙල් ෂශින්ත, මීටර් 400 සහාය දිවීමේ කාන්තා පිලට අයත් නදීෂා රාම­නා­යක, සයුමි ලක්ෂිමා, හර්ෂණී ප්‍රනාන්දු, ජයේෂි උත්තරා හා ෂෙනරි වි‍ජේතුංග යන ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ද මේ තර­ගා­ව­ලි­යට එක්වෙති.

2001 වසරේ පෘතු­ගා­ලයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සිවු­දෙ­නකු සුදු­සු­කම් ලබා­ගත් අතර, එයින් පසු මෙර­ටින් සහ­භාගි වන වැඩිම ක්‍රීඩක පිරිස මෙය වීම විශේ­ෂ­ත්ව­යකි. 2001දී සුස­න්තිකා ජය­සිංහ, සුගත් තිල­ක­රත්න, දම­යන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භාගි වූහ.

මේ මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැ­ත්වෙන මේ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී දක්වන දක්ෂතා අනුව ඉදි­රි­යේදී පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීමේ අවස්ථා උදා­කර ගත හැකිය.

මෙම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය 2023 වසරේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබු­ණද වරින් වර හිස ඔස­වන කොරෝනා වසං­ග­තය හේතු­වෙන් වසර දෙක­කට කල් දැමී­මට තරග සංවි­ධා­ය­කයෝ තීර­ණය කළහ. තර­ගා­ව­ලියේ මුල් සැල­සුම් අනුව තර­ගා­ව­ලිය 2020 වසරේ පැවැ­ත්වී­මට තිබූ අතර, පසුව එය කොරෝනා වසං­ග­තය හේතු­වෙන් පළ­මු­වෙන් 2021 දක්වාත්, පසුව 2023 දක්වා කල් දැමී­මට සිදු විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT