Home » ඌව පළාතේ සංචා­රක ආක­ර්ෂ­ණය සඳහා නව වෙබ් අඩ­වි­යක්

ඌව පළාතේ සංචා­රක ආක­ර්ෂ­ණය සඳහා නව වෙබ් අඩ­වි­යක්

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

බදුල්ල සමූහ - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

ශ්‍රී ලංකා­වට පැමි­ණෙන සංචා­ර­ක­යින්ගේ ආක­ර්ෂ­ණය දිනා­ගත් සංචා­රක කලා­ප­යක් වන ඌව පළාතේ ඉති­හා­සය සහ සංස්කෘ­තිය, ස්වාභා­වික ස්ථාන පිළි­බ­ඳව ලොවට හෙළි­ද­රවු කිරීම සඳහා www.visituva.lk නමින් විශාල තොර­තුරු ගබ­ඩා­ව­කින් සම­න්විත වෙබ් අඩ­වි­යක් ඌව පළාත් සංචා­රක අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය යටතේ නිර්මා­ණය කර ඇත. විශාල තොර­තුරු ගබ­ඩා­ව­කින් සම­න්විත මෙම වෙබ් අඩ­විය නවීන VR සංචාර (Virtual Reality Tour) සහ පැය 24 පුරා­ව­ටම ක්‍රියා­ත්මක AI Chat Bot තාක්ෂ­ණය හරහා නවීන මුහු­ණු­ව­ර­කින් යුක්තය.

මෙම වෙබ් අඩ­විය නිර්මා­ණය සඳහා අවශ්‍ය මූල්‍ය දාය­ක­ත්වය යුරෝ­පානු සංග­ම­යට අනු­බද්ධ සොලි­ඩ­රි­ඩැඩ් ආය­ත­නය මඟින් දරා ඇති අතර, එය නිර්මා­ණය කිරීම සිදු­කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රම­ඛ­තම SEO හා ඩිජි­ටල් අලෙ­වි­ක­රණ උප­දේ­ශ­ක­යකු හා ඩිජි­ටල් ජන­මාධ්‍ය දේශ­ක­යෙකු වන පුලස්ති වන්නි­ආ­රච්චි මහතා යටතේ ඇති Incarnate ආය­ත­නය විසිනි.

මෙම වෙබ් අඩ­විය මඟින් ඌව පළාතේ පිහිටි ප්‍රධාන සංචා­රක ආක­ර්ෂ­ණ­යන්, නවා­තැන් පහ­සු­කම්, ආහා­ර­පාන සහ ව්‍යාපා­රික අව­ස්ථා­වන් පිළි­බ­ඳව සවි­ස්ත­රා­ත්ම­කව තොර­තුරු ලබා­දීම සිදු­ක­රනු ලබයි.

ඌව පළාතේ සංචා­රක කර්මා­න්ත­යට නව ජීව­යක් ලබා­දීමේ අර­මු­ණින් එය දිනෙන් දින නව අංග සහ යාව­ත්කා­ලීන වන දත්ත­යන් එක් කර­මින් අනා­ගත සංචා­රක පාරා­දී­සය තුළ වර්ධ­නය කරනු ඇති අතර ඔබත් ඌව පළාතේ සංචා­රය කිරී­මට සූදා­නම් අයකු නම් www.visituva.lk වෙබ් අඩ­වි­යට පිවිස අවශ්‍ය තොර­තුරු ලබා ගන්නා ලෙස ඌව පළාත් සංචා­රක අමා­ත්‍යාං­ශය ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT