සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවෙස කරා යමින් සිටි රක්ෂණ නිලධාරියකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පාණදුර දකුණ පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ, පාණදුර, අලුබෝමුල්ල ප්රදේශයේ පදිංචිව සිටී ඩී.ඒ. උත්පල පසිඳු නමැති 22 හැවිරිදි තරුණයෙකි. මියගොස් ඇති තරුණයා පාණදුර ගඟුල විහාරස්ථානය අසලදී මෝටර් රථය තාප්පයක ගැටීමෙන් පාණදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ප්රකාශකයෙක් සඳහන් කළේය. මියගොස් ඇති තරුණයාගේ මෝටර් රථයේ ආරක්ෂක බැලූන ක්රියාත්මක වී ඇතත්, ඔහු රියැදුරු අසුනේ ආරක්ෂක පටි පැලඳ නොසිටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බව පරීක්ෂණ සිදු කරන නිලධාරියෙක් කීය.