Home » සර්ව ආග­මි­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් බේරු­ව­ලදී ඉෆ්තාර් වැඩ­ස­ට­හ­නක්

සර්ව ආග­මි­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් බේරු­ව­ලදී ඉෆ්තාර් වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

ජාතීන් අතර මිතු­දම විද­හා­පාන සහ­ජී­වන සර්වා­ග­මික ඉෆ්තාර් වැඩ­ස­ට­හ­නක් මහා සංඝ­ර­ත්නය වැඩම කර­ව­මින් සිංහල බෞද්ධ, කිතුනු දහම් පාසල් දරු­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් බේරු­වල කිච්චි­මලේ මුස්ලිම් දේව­ස්ථා­න­යේදී පෙරේදා (16) පස්ව­රුවේ පැවැ­ත්විණි.

මෙහිදී බේරු­වල බෞද්ධ, කිතුනු හා ඉස්ලාම් දහම් පාස­ල්වල ඉගෙ­නුම ලබන සිසු දරු දැරි­යන් මෙන්ම ගුරු­ව­රුන් පන්සිය දෙනකු පමණ එකට වාඩිවී  ඉස්ලාම් භක්ති­ක­යන්ගේ නෝම්බි උප­වා­සය අත්හැ­රීමේ චාරි­ත්‍ර­යට එක්වූ අතර, බේරු­වල අභි­න­වා­රාම විහා­රා­ධි­කාරී දර්ශ­න­පති හැඩි­ගල්ලේ විම­ල­සාර නාහි­මි­යන් ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය මෙම අව­ස්ථා­වට වැඩම කර සිටි­යහ. විම­ල­සාර හිමි­යන් ඇතුළු ආරා­ධිත දේශ­ක­යන් රැසක් මෙහිදී කෙටි දෙසුම් පැවැ­ත්වූහ.

මහ­නු­වර කටු­කැලේ ජුම්මා මුස්ලිම් දේව­ස්ථා­නයේ කළ­ම­නා­කාර ඒ.ඒ.එම්. අස්ලාම් මව්ල­වි­තු­මන් බෞද්ධ දර්ශ­නය හා ඉස්ලාම් ආගම පිළි­බඳ දැනු­ම්වත් කිරී­මක් සිදු කළහ. එදින පස්වරු 4.00ට ආරම්භ වූ වැඩ­ස­ට­හන පස්වරු  6.22 වන විට මහා සංඝ­ර­ත්නය හැර සෙසු ආගම් නියෝ­ජ­නය කර­මින් මෙහි පැමිණ සිටි සියලු දෙනා එක­තුව ආහාර අනු­භව කර­මින් නෝම්බි උප­වා­සය අත්හැ­රීම සිදු කළහ.

බේරු­වල ප්‍රාදේ­ශීය ලේකම් රන්ජන්  පෙරේරා, බේරු­වල පොලිස් ස්ථානා­ධි­පති එම්.ආර්. නව­රත්න, බේරු­වල මුස්ලිම් හදිසි මරණ පරී­ක්ෂක එම්.එම්. නස්රීන් කිච්චි­මලේ දේව­ස්ථාන භාර­කාර මවු­ලවි සකි, බේරු­වල හිටපු නාග­රික මන්ත්‍රී අරුස් අසාද්,  සමාජ ක්‍රියා­කා­රීන් වන චන්න දයා­ප්‍රිය, මොහො­මඩ් හිතාම් අලි යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT