Home » හොර අරක්කු ප්‍රවා­හ­නය කර රුපි­යල් 25,000ක් දඩ කයි

හොර අරක්කු ප්‍රවා­හ­නය කර රුපි­යල් 25,000ක් දඩ කයි

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

ජා ඇළ විශේෂ - තිස්ස කොටි­න්ක­ඩුව

නීති විරෝධී ලෙස නිෂ්පා­දිත මත්පැන් ලීටර් 510ක් ප්‍රවා­හ­නය කිරීමේ චෝද­නා­වට වැලි­සර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රියේ වරද පිළි­ගත් තරු­ණ­ය­කුට රුපි­යල් 25,000ක දඩ මුද­ලක් ගෙවන ලෙස මහේ­ස්ත්‍රාත් ධම්මික උඩු­ව­වි­ධාන මහතා නියම කළේය.

මෙසේ දඩ නියම වූයේ ඒකල පදිංචි 24 හැවි­රිදි තරු­ණ­ය­කු­ටය. ජා ඇළ සුරා­බදු ස්ථානයේ ස්ථානා­ධි­පති කලා­ර­සික විජේ­සිංහ මහතා විසින් සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරනු ලැබීය. ජා ඇළ, ඒකල කටු­ලැ­හැ­බින් පිරි ඔතේ­කැ­ලේදී මෙම මත්පැන් තොගය නිෂ්පා­ද­නය කොට ජා ඇළ නග­ර­යට ප්‍රවා­හ­නය කර­මින් සිටි­යේදී ජා ඇළ සුරා­බදු ස්ථානයේ නිල­ධා­රීන් පිරි­සක් සැක­කරු සහ මත්පැන් තොගය සමඟ අදාළ වාහ­නය ද ඒකල සීටීබී හන්දි­යේදී  අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT