Home » ගුටි කෑ රෝගියා හලා­වත රෝහලේ යකා නටලා

ගුටි කෑ රෝගියා හලා­වත රෝහලේ යකා නටලා

කාර්ය මණ්ඩ­ලය රෝගි­යා එළි­යට දමයි

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

පහ­ර­දුන් අය අත්අ­ඩං­ගු­වට ගන්නැයි එළි­යේත් විරෝ­ධයේ

පහ­ර­කෑ­ම­කට ලක්ව හලා­වත රෝහලේ වාට්ටු අංක 4හි ප්‍රති­කාර ලබ­මින් සිටි තුවා­ල­ක­රු­වකු රෝහල තුළ කල­හකාරී ලෙස හැසි­රීම හේතු­වෙන් රෝහ­ලින් එළි­යට දැමී­මට රෝහල් කාර්ය මණ්ඩ­ලය පෙරේදා (16) පිය­වර ගෙන ඇත.

හලා­වත, දැසු­රු­ඔය පදිං­චි­ක­රු­වකු වන 22 හැවි­රිදි මෙම රෝගියා තවත් පුද්ග­ල­යකු සහ කාන්තා­වන් තිදෙ­නකු  සමඟ එක්ව රෝහල ඉදි­රි­පිට මාර්ගයේ කොළඹ – හලා­වත මාර්ගය අව­හිර කර­මින් තමාට පහ­ර­දුන් අය අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස ඉල්ල­මින් කල­හකාරී ලෙස හැසිරී තිබෙන බව පොලී­සිය සඳ­හන් කළේය. මෙහිදී හලා­වත මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් එම ස්ථාන­යට පැමිණ මාර්ගය අව­හිර වන සේ රැඳී සිටි පිරි­සට මාර්ග­යෙන් ඉව­ත්වන ලෙස දැනු­ම්දෙ­මින් පහ­ර­දී­මට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරන බව පවසා තිබේ.

කෙසේ වෙතත් පිරිස ඊට ඇහු­ම්කන් නොදී පොලිස් නිල­ධා­රීන්ට දොස් පව­ර­මින් මාර්ගය අව­හිර වන සේ තව­දු­ර­ටත් රැඳී සිට ඇත.  එහිදී පොලිස් නිල­ධා­රීන් ක්‍රියා­ත්මක වෙමින් මාර්ගය අව­හිර වන සේ රැඳී සිටි සැක­ක­රු­වන් පස් දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අතර සිටි සැක­කාර කාන්තා­වක් පොලිස් නිල­ධා­රි­නි­යගේ අත සපා කා ජංගම දුර­ක­ත­න­ය­කින් නිල­ධා­රි­නි­යට පහර දී ඇති බවද පොලී­සිය පැව­සීය. මේ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර කාන්තා­වන් තිදෙ­නකු සිටින බවත්, සැක­ක­රු­වන් අවු­රුදු 22, 17, 48 සහ 55 යන වය­ස්වල පසු­ව­න්නන් බවත් පොලී­සිය කීය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර රෝහ­ලින් එළි­යට දැමූ පුද්ග­ලයා ද සිටියි.  ඔහුට පහ­ර­දුන් අවු­රුදු 22ක් වය­සැති සැක­කරු ද පොලී­සිය පෙරේදා (16) රාත්‍රී කාල­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­ක­රු­වන් සියලු දෙනාම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT