කිරිබත්ගොඩ – දළුපිටිය ඇවිදින මංතීරුවේ රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වැය කොට අලුතින් ඉදිකළ ළමා උද්‍යානය පෙරේදා (16) අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.
මෙම සත්කාරය සඳහා චන්ද්‍රපාල පේලිආරච්චි හා ඒ. රූශ්‍රී යන මහත්වරු මූල්‍ය අනුග්‍රහය දැක්වූහ. තවද මෙදින කඩවත, රෝස්වුඩ් ඩෙන්ටල් හා මෙඩිකල් පෞද්ගලික රෝහල මඟින් එම ඇවිදින මංතීරුවේ ව්‍යායාම කිරීම සඳහා පැමිණි පිරිස වෙත නොමිලේ වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.
මහර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කළමනාකාරිණී මංජුලා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම විවෘත කිරීමේ අවස්ථාවට එම ඇවිදින මංතීරු සංගමයේ ලේකම් සමන් හෙට්ටිආරච්චි, ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඒ. සිසිර හා ක්‍රියාකාරී සාමාජික ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය ප්‍රධාන උපකර්තෘ ශෂී ප්‍රභාත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.