Home » වසර 09කට පසු ආරක්ෂක සේවා පැරෂුට් ශූරතාවලියේදී ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ රැසක්

වසර 09කට පසු ආරක්ෂක සේවා පැරෂුට් ශූරතාවලියේදී ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ රැසක්

by chanaka
March 18, 2025 1:11 pm 0 comment

13 වන ආරක්ෂක සේවා පැරෂුට් ශූරතාවලිය පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පුහුණු පාසලේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් විය.

ක්‍රීඩකයින්ගේ නිවැරදි පතිත කිරීම්, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ගුවනේදී දක්වන සුවිශේෂි දක්ෂතා පිළිබඳව මෙහිදී පරීක්ෂා කරන ලදී. ඒ අනුව සමස්ථ සම ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ආකෘති Skydiving ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ සුවිශේෂී කුසලතා සහ නිවැරදි පතිත කිරීමේ දක්ෂතා අනුව කණ්ඩායම් නිවැරදි පතිත කිරීමේ ඉසව්වේ( Accuracy) රිදී පදක්කමද දිනා ගන්නා ලදී.

මෙම ශූරතාවලියේ කේවල දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දර්ශණ වික්‍රමරත්න පිරිමි කේවල නිවැරදි පතිත කිරීම් ඉසව්වේ ( Accuracy) රිදී පදක්කම දිනා ගත් අතර එම කාණ්ඩයේම ලෝකඩ පදක්කම ස්කොඩ්‍රන් ලීඩර් විදුරංග බණ්ඩාර දිනා ගැනීමට සමත් විය. කාන්තා කේවල නිවැරදි පතිත කිරීම් ඉසව්වේ ( Accuracy) නායක ගුවන් කාන්තා හංසිකා මධුභාෂිණී රන් පදක්කම දිනා ගන්නා ලදී. එම ඉසව්වේම රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් නායක ගුවන් කාන්තා මාධවී අමරසිංහ සහ කෝප්‍රල් සුදර්ශනී උදයකුමාරි දිනා ගැනීමට සමත් විය.

ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේදී පැවැත්වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT