Sunday, April 20, 2025
Home » ප්‍රකට රංගන ශිල්පිණි අකුෂ්ලා සෙල්ලයා මෙලොවින් සමුගනියි

ප්‍රකට රංගන ශිල්පිණි අකුෂ්ලා සෙල්ලයා මෙලොවින් සමුගනියි

by chanaka
March 18, 2025 1:08 pm 0 comment

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා අභාවප්‍රාප්ත වේ.

මිය යනවිට ඇය 67 වැනි වියේ පසු වූවාය.

1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා සිනමාවට පිවිසි ඇය පසුව “Rampage” (1978) / “Tarzan the Ape Man” (Hollywood) (1981), “තවලම” (1981), “බාඳුරා මල්” (1981), “රෑ මනමාලි” (1982), “හිතත් හොඳයි වැඩත් හොඳයි” (1983), වැනි සිංහල චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නාය.

1985 වසරේදී “චාර්ල්ස් ඒන්ජල්ස්” චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ “සුර දූතියෝ” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඇය එය සිය ඇගේ රංගන දිවියේ උච්චතම අවස්ථාව බව සිනමා විචාරකයෝ සදහන් කළහ.

“සුර දූතියෝ” චිත්‍රපටය මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වේ.

අකුෂ්ලා සෙල්ලයා මහත්මියගේ දේහය 19වැනි බදාදා සවස 3.00 සිට බොරැල්ල ඒ.එෆ්.රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරෙන අතර පසුදින (20) බ්‍රහස්පතින්දා පෙ.ව.11.00 ට දේව මෙහෙය පවත්වා දෙව් සමිඳු වෙනුවෙන් කැප කර මිහිදන් කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT