දළදා ප්‍රදර්ශනය හා සමාන වැදගත්කමක් සහ ගෞරවයක් සහිතව කැලණියේ නාග ධාතු ප්‍රදර්ශනයක් සංවිධාන කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිනි.
සිංහල බෞද්ධ සභ්‍යත්වය හා බැඳුණු අපේ සංස්කෘතිය ගැන නිවැරැදි නිර්වචනයක් මේ සභාවේ සටහන් කිරීමට ලැබීම ඓතිහාසික වගකීමක් ලෙස මම දකිනවා. විටින් විට දූෂණයට ලක් වූ සභ්‍යත්වය කියන වචනනය දේශපාලනයේදී භාවිත වුණේ ඉතාම පහත් අවර විදියටයි. ශ්‍රී ලාංකික සභ්‍යත්වය ගැන එඩිතරව කතා කරන්න.මේක පටලවා ගත්ත දේශපාලකයන් තමයි මේකට ගරහන්නේ. මම ඇහැව්වා ඉන්දීය අගමැතිතුමාගෙ සම්මුඛ සාකච්ඡාවක්. ඒකෙන් මහා ශක්තියක් ඇති වෙන්නෙ ජාතිය ගැන. ඇයි අපි සංස්කෘතික මිනිසෙක් රේන්බෝ මිනිසෙක් ගැන කතා කරන්නෙ. රේන්බෝ මිනිස්සු නැහැ.
මාක්ස්වාදයේ භෞතික මිනිසා එක්ක මේක පටලවා ගන්න එපා. මාක්ස් එංගල්ස් දැන් පෙළපාළියෙ මාර්ක්ස් ඒංගල් එන්නේ හැ. ඒවා ෆේල් ව්‍යාපෘති දැන්. කැලණියේ නයා පැටලුණේ එහෙමයි. දළදා ප්‍රදර්ශනය ගැන අපි සතුටුයි මොකද සංස්කෘතික වටිනාකම තේරුම් ගැනීම ගැන. අපි නිවැරැදි විය යුතුයි. අපිත් වරක් වැන්දොත් නිවන් දකින්නට පුළුවන් කියලා විශ්වාස කරන කැලණිය රාජමහා විහාරයේ නාහිමිවරුන් එක්ක කතා කරලා එතනත් අර නාග ධාතු ප්‍රදර්ශනයට අපටත් ශ්‍රද්ධාව ඇති වෙනවා. හැම ආගමකම තියෙන්නෙ දහමෙන් ඔබ්බට ගිය විශ්වාසයක්. හේමමාලා කුමරිය දන්ත ධාතු අරගෙන එනවා අපි දැකලා නැහැ විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය බව අපි විශ්වාස කරනවා. ආගමික විශ්වාසයන්ට පහර ගහන්න එපා. නයා නයා කියලා මට නෙමෙයි ගහන්නෙ සභ්‍යත්වයට. මම ඔය නිවුස් එක යන බව දන්නෙත් නැහැ. දැන ගත්තත් එපා කියන්නේත් නැහැ. මොකද ඒක යා යුතු නිවුස් එකක් යැයි ද කීවේය.