ශ්වසන ආබාධයකට ලක්වී දින 32ක කාලයක් රෝමයේ ජෙමේලි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරී බවත්, රෝහලේ 10 වැනි මහලේ පිහිටි දේවස්ථානයේ අල්තාරය අබියෙස අසුන්ගෙන පළමුවරට ඡායරූපයකට ද පෙනී සිටි බවත් වතිකාන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. එය පාප් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු මාධ්‍යයට නිකුත් කළ පළමු ඡායාරූපය බව ද වාර්තා වේ.
රෝහල්ගත කිරීමෙන් පසුව පාප් වහන්සේ හමුවට යෑම වෛද්‍යවරුන්ට පමණක් සීමාවී ඇති අතර, සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවද පාප් වහන්සේ තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට නියමිත බව වතිකාන් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.