Monday, April 21, 2025
Home » බට­ලන්ද කොමි­සම් වාර්තාව

බට­ලන්ද කොමි­සම් වාර්තාව

by Gayan Abeykoon
March 18, 2025 4:06 pm 0 comment

කාට­වත් මඩ ගහන්න ආණ්ඩු­වට ඕන නෑ

සාක්ෂි දෙන්න ඕනෑ තරම් අය ඉන්නවා

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

බට­ලන්ද කොමි­සම පත් කළේ වත්මන් ආණ්ඩුව නොවන බවත් කිසි­ව­කුට මඩ ගැසී­මට ආණ්ඩු­වට අව­ශ්‍ය­තා­වක් නොමැති බවත් ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සු­වේය.

බට­ලන්දේ සිදු වූ දේ පිළි­බඳ සාක්ෂි දීමට විශාල පිරි­සක් සූදා­න­මින් සිටින බවත් නිසි සාක්ෂි ඉදි­රි­පත් වුව­හොත් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පම­ණක් නොව ඊට සම්බන්ධ බොහෝ දෙන­කුට දඬු­වම් විඳි­න්නට සිදු වනු ඇති බවත් හෙතෙම කියා සිටි­යේය.

බත්ත­ර­මුල්ල, පැල­වත්ත පක්ෂ කාර්යා­ලයේ දී මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඊයේ (17) ඒ මහතා මේ බව කීවේය.

බට­ලන්ද කොමි­සම පත් කළේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ. හංගලා තිබූ වාර්තා­වක් අප ඉදි­රි­පත් කර තිබෙ­නවා. අපට කිසි­ව­කුට මඩ ගහන්න අව­ශ්‍ය­තා­වක් නැහැ. රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ සම්බ­න්ධව ප්‍රකා­ශ­යක් කළා. එයාගෙ චෝදනා ප්‍රති­ක්ෂේප කළේ නැහැ. මේ වන­ විට බට­ලන්දේ සිදුවූ දේ පිළි­බඳ සාක්ෂි දෙන්න විශාල පිරි­සක් සූදා­නම් වී සිටි­නවා. ඒ අතර පොලිස් නිල­ධා­රීන් පවා සිටි­නවා. එහි කට­යුතු නීති­යට අනුව සිද්ධ වේවි. මෙම සිදු­වී­මට විවේ­චන වර්ග දෙකක් තිබෙ­නවා.

රනිල් පාර්ශ්වය කිය­නවා මේක මඩ ගහන්න,  පළි­ගන්න කරන එකක් කියා. තවත් කණ්ඩා­ය­මක් ඕකට දඬු­වම් කරන්නෙ නැහැ කිය­නවා. කවුරු මොනවා කීවත් අප බට­ලන්ද වාර්තාව පිළි­බඳ  නීති­යට වැඩ කරන්නෙ. කොමි­සමේ සාක්ෂි­ව­ලට අම­ත­රව තවත් පිරි­සක් සාක්ෂි දෙන්න සිටි­නවා. මම හිටියෙ එදා මැග­සින් බන්ධ­නා­ගා­රයේ. මේවා නිල ස්ථාන. ප්‍රශ්නය තිබෙන්නෙ එදා ජේ.ආර්. ජය­ව­ර්ධන, ප්‍රේම­දාස මහ­ත්ව­රුන්ගේ කාලයේ නිල නොවන වධ කඳ­වුරු  පව­ත්වා­ගෙන ගියා. එදා සිටි ඇතැම් ඇමැ­ති­ව­රුන් ද ඒවට සම්බ­න්ධයි. ඒ පිළි­බඳ පරීක්ෂා කළ යුතුයි. මේක සංකීර්ණ වැඩක්. සාක්ෂි එකතු කර ගන්න ඕනෙ. අප රටේ පසු­ගිය කාලයේ සිදුවූ අප­රාධ ඝාතන පිළි­බඳ පරීක්ෂා කළ යුතුයි. ඝාත­නය වූවන්ට සාධා­ර­ණය ඉටු කරන්න ඕනෙ. මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කළ අයුරු අපට මත­කයි. මේවා අතර අප ජන­තා­වගේ ප්‍රශ්න ද විස­ඳිය යුතුයි.

පසු­ගිය පාලන කාල­යන් තුළ සිදුවූ ප්‍රජා­තන්ත්‍ර විරෝධී අමා­නු­ෂික ක්‍රියා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ තිබෙ­නවා. අපට ලැබුණ ජන­ව­රම අනුව ඉදි­රියේ දී ඒ සම්බ­න්ධව කට­යුතු සිදු කර­නවා. අප නීතිය අභි­භවා වැඩ කරන්නෙ නැහැ. අප­රා­ධ­ව­ලට සම්බන්ධ අයට නීතිය ක්‍රියා­ත්මක කිරීම අපේ වග­කීම. අප පිළි­වෙ­ළ­කට කට­යුතු කරන දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් නිසා අපේ වග­කීම් අප ඉටු කර­නවා යැයි ද කීවේය.

උපාලි කරු­ණා­රත්න


රනිල්ට තිබුණු එකම චෝද­නාව පොලිස් නිල­ධා­රීන්ට නිවාස දීමයි

එජාප සභා­පති වජිර අබේ­ව­ර්ධන

බට­ලන්ද කොමි­සම් වාර්තාව මඟින් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ඉදි­රි­පත් වී ඇති එකම චෝද­නාව පොලිස් නිල­ධා­රීන්ට නිවාස ලබා­දීම පම­ණක්  යැයි එක්සත් ජාතික පක්ෂ සභා­පති වජිර අබේ­ව­ර්ධන මහතා පැවැ­සීය.

කොළඹ මල් පාරේ,  හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්යා­ල­යේදී ඊයේ (17) පැවැති  මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

මේ නිවාස ලබා­දීම, රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම වෙනු­වෙන් හදිසි නීතිය යටතේ රාජ්‍ය ආය­තන සහ පෞද්ග­ලික ආය­තන අත්පත් කර ගැනීම පම­ණක් බව ද  ඒ මහතා කීය.

“ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුර­යෙන් සමු ගත්තාට පසු  එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා­කාරී කට­යුතු කළ­ම­නා­කා­රීත්ව මණ්ඩ­ල­යට පවරා  රටේ වෙන දේ පිළි­බඳ  බලා සිටියා.  රනිල් වික්‍ර­ම­සිංහ හිටපු  ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ අය මෙච්චර බය ඇයි කියලා තේරෙන්නේ නැහැ. 1994 න් පසු රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාව දේශ­පා­ලන වශ­යෙන් ඝාත­නය කිරී­මට  බට­ලන්ද කොමි­ෂන් සභාව පිහි­ටෙව්වා. එය සම්පූ­ර්ණ­යෙන්ම දේශ­පා­ලන වශ­යෙන් පළි­ගැ­නීමේ ක්‍රියා­ව­ලි­යක්. එම කොමි­සම් වාර්තාව රජය විසින් පිළි­ගැ­නීම ගැන සතුටු වෙනවා යැයිද හෙතෙම කීවේය.

එම කොමි­සම් වාර්තාව මඟින් 1971,  1987-89 වර්ෂ­වල සිදු වුණු සිදු­වීම් මාලාව ගැන සඳ­හන් කර තිබෙ­නවා.  විශේෂ විග්‍ර­හ­යක් පිටු එක­සිය ගණ­නක සට­හන් වී තිබෙ­නවා. පළ­මුව 1971 කාල­යේදී පොලි­සි­වල තිබුණු අවි ආයුධ පැහැර ගැනීම සිදු වුණා. බැංකු කොල්ල­කෑම් සිදු වුණා. ජන­තා­වගේ මුදල් බල­හ­ත්කා­ර­යෙන් ගැනීම සිදු වුණා. කැරැ­ල්ල­කට අවශ්‍ය පෙර­හු­රුව සිදු කර­මින් අපේ සමා­ජ­යට ඉති­හා­සයේ පළමු වතා­වට මෙවැනි පසු­බි­මක් නිර්මා­ණය කර දුන්නා. ඊළ­ඟට  1987,  1988,  1989 වක­වා­නුව තුළ නැව­තත් අවි ආයුධ සහිත සමා­ජ­යක් ඇති වුණා . මේ තත්ත්ව­යම උතුරු නැ‍ඟෙන­හි­රත් LTTE සංවි­ධා­නය විසින් ආරම්භ කර සියලු දේශ­පා­ලන පක්ෂ මර්ද­නය කිරීම සිදු වුණා යැයි ද පැව­සු­වේය.

ශිරෝමි අබ­ය­සිංහ

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT