Home » ආංශික අධී­ක්ෂණ කාරක සභා 07ක් පිහි­ටු­වන යෝජ­නාව ඇමැති බිමල් පාර්ලි­මේ­න්තු­වට දැනුම් දෙයි

ආංශික අධී­ක්ෂණ කාරක සභා 07ක් පිහි­ටු­වන යෝජ­නාව ඇමැති බිමල් පාර්ලි­මේ­න්තු­වට දැනුම් දෙයි

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

දස­වැනි පාර්ලි­මේ­න්තුව යටතේ ආංශික අධී­ක්ෂණ කාරක සභා 07ක් පම­ණක් පිහි­ටු­වීම සඳහා වන යෝජ­නා­වක් සභා­නා­යක ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඊයේ (17) දැනුම් දුන්නේය.

ඒ අනුව ආර්ථික සංව­ර්ධ­නය සහ අන්ත­ර්ජා­තික සබ­ඳතා, යටි­තල පහ­සු­කම් සහ උපා­ය­මාර්ග සංව­ර්ධන, අධ්‍යා­පන ශ්‍රම බළ­කාය හා මානව ප්‍රාග්ධ­නය, සෞඛ්‍ය ජන­මාධ්‍ය සහ කාන්තා සවි­බ­ල­ගැ­න්වීම්, පරි­ස­රය කෘෂි­කර්ම සහ සම්පත් තිර­ස­ර­භා­වය, විද්‍යා තාක්ෂණ සහ ඩිජි­ටල් පරි­නා­ම­නය, රාජ්‍ය පාල­නයේ යුක්තිය හා ඩිජි­ටල් අධ්‍යා­ප­නය ආදී වශ­යෙන් මෙලෙස ආංශික අධී­ක්ෂණ කාරක සභා පත් කරන බව සභා­නා­යක බිමල් රත්නා­යක මහතා පැව­සීය.

මෙම කාරක සභා­වන් තුනක සභා­ප­ති­ත්වය විප­ක්ෂය වෙත ලබා දී ඇති අතර ඉතිරි සභා­වන්හි සභා­පති ධුර ආණ්ඩුව දරනු ලැබේ.

මෙම එක් කාරක සභා­වක සාමා­ජික සංඛ්‍යාව 12ක් වන අතර ඝන­පූ­ර­ණය 03කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT