Home » එකම පන්තියේ මිතු­රන් දෙදෙනා එකම දව­සක දිස්ත්‍රික් දෙකක ලේකම් තන­තු­රට

එකම පන්තියේ මිතු­රන් දෙදෙනා එකම දව­සක දිස්ත්‍රික් දෙකක ලේකම් තන­තු­රට

by Gayan Abeykoon
March 18, 2025 11:00 am 0 comment

කුරු­ණෑ­ගල අති­රේක පුෂ්ප­කු­මාර ජය­රත්න

එකම පාසලේ එකම පන්තියේ, එකම විශ්ව­වි­ද්‍යා­ලයේ එකම කණ්ඩා­යමේ, එකම ගමේ පදිංචි සමී­ප­තම මිතු­රන් දෙදෙ­න­කුට, එකම දව­සක යාබ­ද දිස්ත්‍රික්ක දෙකෙහි දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් ලෙස පත්වීම් ලැබීමේ අපූරු පුව­තක් වාර්තා වේ.

මෙවන් අපූරු භාග්‍යය ලැබූ කල්‍යාණ මිතු­රන් දෙදෙනා වන්නේ කුරු­ණෑ­ගල සහ කෑගල්ල නව දිස්ත්‍රික් ලේක­ම්වරු වශ­යෙන් පත්වීම් ලද චන්දන දිසා­නා­යක සහ එච්.එම්. හේරත් යන දෙදෙ­නායි.

දෙදෙ­නාම කුරු­ණෑ­ගල ශාන්ත ආනා විදු­හලේ එකට අධ්‍යා­ප­නය ලැබූ­වන්ය. චන්දන දිසා­නා­යක මහතා පළ­මු­වැනි වසරේ සිටම ශාන්ත ආනා විදු­හලේ අධ්‍යා­ප­නය ලබා තිබූ අතර එච්.එම්. හේරත් මහතා නාර­ම්මල මයු­ර­පාද මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලබා සාමාන්‍ය පෙළ සමත්ව පසුව උසස් පෙළ අධ්‍යා­ප­නය සඳහා ශාන්ත ආනා විදු­හ­ලට ඇත­ළත්ව ඇත.

ඉන් අන­තු­රුව දෙදෙ­නාම උසස් පෙළ ජීව විද්‍යා විෂ­ය­යන් හැදෑ­රීම සඳහා පාසලේ එකම පන්ති­යක අධ්‍යා­ප­නය ලැබීම හේතු­වෙන් සමී­ප­තම මිතු­රන් බවට පත්ව තිබේ. පළමු වාර­යෙන්ම උසස් පෙළද හොඳින් සමත් වූ මේ මිතු­රන් දෙදෙනා ඉන් පසුව ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට එකට ඇතු­ළත්ව එකම කණ්ඩා­යමේ විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය හදාරා විද්‍යා­වේදී උපා­ධිය හිමි කර­ගෙන තිබේ.

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය නිම කළ දෙදෙනා ඉන් පසුව පරි­පා­ලන තරග විභා­ග­යෙන් සමත්ව ශ්‍රී ලංකා පරි­පා­ලන සේව­යට ඇතු­ළත් වූහ. චන්දන දිසා­නා­යක මහතා 2000 වස­රේදී පරි­පා­ලන සේව­යට පිවිස කන්තලේ, දඹුල්ල, ගලේ­වෙල සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් වශ­යෙන්ද වසර කිහි­ප­යක්ම කට­යුතු කර ඉන් පසුව පළාත් සභා රාජ්‍ය සේව­යට ඇතු­ළත් විය. ඒ අනුව වයඹ පළාත් සභාවේ පළාත් පාලන කොම­සා­රිස්, සමාජ සේවා අධ්‍යක්ෂ, කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් සහ ලේකම් තන­තු­රුද දරා පසුව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමා­ත්‍යාං­ශයේ ලේකම් යන තන­තු­රද දැරීය. ඒ වන­වි­ටද වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ­තම නිල­ධා­රි­යාව සිටි ඔහු ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සිටින නිල­ධා­රි­යෙකි.

විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිටවූ එච්.එම්. හේරත් මහතා 2003 වස­රේදී ශ්‍රී ලංකා පරි­පා­ලන සේව­යට එක්ව ඇත. තිර­ප්පනේ, එප්පා­වල, කැබි­ති­ගො­ල්ලෑව වැනි ප්‍රදේ­ශ­වල ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා ලෙස සේවය කළ ඔහු පසුව කුරු­ණෑ­ගල මහව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා ලෙසද සේවය කර ඇත. ඉන් අන­තු­රුව මධ්‍යම රජයේ තවත් උසස් තන­තුරු කිහි­ප­යක්ම දරා අව­සා­න­යේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තන­තු­රට පත් කරන තෙක් රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­ර­යකු ලෙස කට­යුතු කර­මින් සිටි­යේය. ඔහුද ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධ­ර­යෙකි.

ඒ අනුව පාසල් වියෙහි සිටම එකට සිටි, එකම වයසේ පසු­වන මේ අපූරු මිතු­රන් දෙදෙ­නාම පසු­ගි­යදා කුරු­ණෑ­ගල සහ කෑගල්ල නව දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් වශ­යෙන් පත්වීම් ලැබූ අතර දෙදෙනා නව තන­තු­රු­වල රාජ­කාරි ආරම්භ කිරී­මට නිය­මි­තව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT