Sunday, April 20, 2025
Home » සංචා­ර­ක­යන්ට ගුණා­ත්මක යටි­තල පහ­සු­කම් හා සේවා සප­යන්න

සංචා­ර­ක­යන්ට ගුණා­ත්මක යටි­තල පහ­සු­කම් හා සේවා සප­යන්න

ජන­ප­ති­ගෙන් නිල­ධා­රින්ට උප­දෙස්

by Gayan Abeykoon
March 18, 2025 4:03 pm 0 comment

උපාලි කරු­ණා­රත්න

මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­යන්ට ගුණා­ත්මක යටි­තල පහ­සු­කම් හා සේවා සැප­යී­මට පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සංචා­රක අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රින්ට ඊයේ (17) උප­දෙස් දුන්නේය. ශ්‍රී ලංකාව ආක­ර්ෂ­ණීය සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස ජාත්‍ය­න්ත­රයේ ඉහළ පිළි­ගැ­නී­ම­කට ලක්ව ඇති බැවින් මේ පිළි­බ­ඳව දැඩිව අව­ධා­නය යොමු කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේය.  ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් අතර හමු­වක් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (17) පැවැ­ත්විණි. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා මේ උප­දෙස් ලබා දුන්නේය.

මෙවර අය-වැයෙන් සංචා­රක අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් වෙන් කරන ලද ප්‍රති­පා­දන සහ ඒ යටතේ ක්‍රියා­ත්මක ව්‍යාපෘති පිළි­බඳ මෙහිදී නිල­ධා­රීහු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමු කළහ.

සංචා­රක ක්ෂේත්‍රයේ නව පිය­ව­රක් තබ­මින් සංචා­ර­ක­යන් මිලි­යන 03ක් මෙම වස­රේදී මෙර­ටට ගෙන්වා ගැනී­මට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනු­වෙන් අවශ්‍ය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට මෙම ප්‍රති­පා­දන යොදා­ගැ­නීම පිළි­බ­ඳ­වද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත්, සංචා­රක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණ­සිංහ, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ ලේකම් අරුණි රණ­රාජා යන මහත්ම මහ­ත්මීහු සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT