Home » ස්වේච්ඡා­වෙන් වැඩ­කර රට හදන කණ්ඩා­ය­මට පුංචි ආණ්ඩු­වත් භාර දෙමු

ස්වේච්ඡා­වෙන් වැඩ­කර රට හදන කණ්ඩා­ය­මට පුංචි ආණ්ඩු­වත් භාර දෙමු

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

by Gayan Abeykoon
March 18, 2025 9:01 am 0 comment

උපාලි කරු­ණා­රත්න

මහ­ජන මුදල් නාස්ති කරන, පගා ගහන මන්ත්‍රී­වරු වෙනු­වට, ජන­තාව වෙනු­වෙන් ස්වේච්ඡා­වෙන් වැඩ කරන, රට හදන ක්‍රියා­ව­ලි­යට දායක වන ජාතික ජන බල­වේ­ගයේ නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත නගර සභා, ප්‍රාදේ­ශීය සභා සෑදිය යුතු බව ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය.

ජාතික ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් එළ­ඹෙන පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා තරග වදින කණ්ඩා­ය­ම්වල නාම යෝජ­නා­පත්‍ර අත්සන් තැබීම බත්ත­ර­මුල්ල, පැල­වත්ත ජනතා විමුක්ති පෙර­මුණු ප්‍රධාන කාර්යා­ල­යේදී ඊයේ (17) සිදු කෙරුණු අතර එහිදී ඒ මහතා මේ බව කීවේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා-

“මීට පෙර තමයි මේ පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට තිබුණේ. මේ වන­විට මහින්ද රාජ­ප­ක්ෂලා, රනිල් වික්‍ර­ම­සිං­හලා ජන­තාව විසින් ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. මෙම මැති­ව­ර­ණ­යෙන් අපට විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගන්න පුළු­වන්.

පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී බිම් මට්ටමේ මහ­ජන නියෝ­ජි­ත­යන් පත්කර ගන්නවා. ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­වක් යටතේ ඡන්ද­යක් තියෙන පළමු අව­ස්ථාව මෙයයි. ආණ්ඩුවේ සංව­ර්ධන කට­යුතු සිදු කිරී­මේදී බිම් මට්ටමේ නියෝ­ජි­ත­යන් ඉතා වැද­ගත්.

පළාත් පාලන ආය­ත­න­වල ආණ්ඩුවේ සංව­ර්ධන කට­යුතු කර­ගෙන යෑමේදී අපේ කණ්ඩා­ය­මක් සිටීම ඉතා වැද­ගත්. මේ වන විට ආර­ම්භ­කර තිබෙන සංව­ර්ධන කට­යුතු, රට හැදීමේ කට­යුතු, රටේ දුප්ප­ත්කම තුරන් කිරීමේ කට­යුතු,  සාර්ථ­කව කර­ගෙන යෑමට සිය­ලුම පළාත් පාලන ආය­තන ජාතික ජන බල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය කර­වීම වැද­ගත්. මේ වන­විට රටේ ජන­තාව අපට විශාල බල­යක් ලබාදී තිබෙ­නවා. ඔවුන් අපත් සමඟ සිටි­නවා.

වංචා දූෂණ නැති, කොන්ත්‍රාත් ගන්නේ නැති, බිම් මට්ටමේ ජන­තාව සමඟ ජීවත් වන,ස්වේච්ඡා­වෙන් අවං­කව වැඩ කළ හැකි ප්‍රබල කණ්ඩා­ය­මක් අප මෙම පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙ­නවා. පසු­ගිය කාල­වල සිටි මන්ත්‍රී­වරු කොන්ත්‍රාත් මත ජීවත් වුණා. ඔවුන් මහ­ජන මුදල් නාස්ති කළ අය.  ඒ නිසා අප ජන­තා­ව­ගෙන් ඉල්ලන්නෙ මාලි­මාව ජය­ග්‍ර­හ­ණය කර­වන ලෙස. පාර්ලි­මේ­න්තු­වෙන් අප ආරම්භ කළ දේශ­පා­ලන සංස්කෘ­තිය බිම් මට්ටම දක්වා ගෙන යෑමට මේ පළාත් පාලන ඡන්දය ඉතා වැද­ගත්.”

ජාතික ජන බල­වේ­ගයේ  ලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී නිහාල් අබේ­සිංහ මහතා-

“මෙවර පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා ජාතික ජන බල­වේ­ගය අද දිස්ත්‍රික්ක සිය­ල්ල­ටම නාම යෝජ­නා­පත්‍ර අත්සන් කිරීම ආරම්භ කළා. මෙම මැති­ව­ර­ණය අපට ඉතා තීර­ණා­ත්ම­කයි. අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මඟින් අප ඉදි­රි­පත් කළ ප්‍රති­පත්ති සෑහෙන ප්‍රමා­ණ­යක්  ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා.

ජන­තා­වගේ දැවෙන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු සප­ය­මින් සිටි­නවා. ඒ පිළි­බ­ඳව ඇතැ­මුන් විවිධ මත පළ කර­නවා. අප උත්සාහ කර­නවා රාජ්‍ය යන්ත්‍ර­ණය ශක්ති­මත් කිරීම හරහා ජන­තා­වගේ අව­ශ්‍යතා ඉෂ්ට කරන්න. අවු­රුදු ගණ­නා­වක් විනාශ වූ රටක් අප භාර ගත්තේ. අප කරන්නේ උඩුගං බලා පිහි­නී­මක්.

මෙරට ජන­තාව මෙම පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන්ද ජාතික ජන බල­වේ­ගය ජය­ග්‍ර­හ­ණය කර­වන බව අප විශ්වාස කර­නවා. ඒ බලා­පො­රොත්තු ඇතිව තමයි අප මෙම මැති­ව­ර­ණ­යට මුහුණ දෙන්නේ. මෙම පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් පසු අපට නගර සභා­වල, ප්‍රාදේ­ශීය සභා­වල අපගේ මන්ත්‍රී­ව­රුන් සමඟ මෙරට ජන­තාව වෙනු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් ඉටු කළ හැකියි. අප දුන් පොරොන්දු ඉටු­ක­ර­මින් ඉදිරි වසර 5තුළ මේ රට තුළ විශාල වෙන­සක් සිදු කරන්න අප බලා­පො­රොත්තු වෙනවා. අප මේ රටේ සියලු ජන­තා­ව­ගෙන් ඉල්ලන්නෙ ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය සමඟ එකතු වන ලෙස.”

ජාතික ජන බල­වේ­ගයේ කොළඹ මහ නගර සභා කණ්ඩා­යම් නායිකා ව්‍රායි කැලී බල්ත­සාර් මහ­ත්මිය-

“අපට ශක්ති­මත් කණ්ඩා­ය­මක් සිටි­නවා. අප කණ්ඩා­ය­මක් ලෙස තමයි ඉදි­රි­යේදී නගර, රට වෙනස් කරන්නේ. මේ වන­විට පැවැති දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් වී තිබෙ­නවා. මහ­ජන නියෝ­ජි­තයා කොහො­මද ක්‍රියා කරන්නේ කියා අපේ කණ්ඩා­යම මේ වන­විට ඔප්පු කර තිබෙ­නවා. අප ජන­තා­වට ආරා­ධනා කර­නවා මාලි­මාව දින­වන්න කියා.”

ජාතික ජන බල­වේ­ගයේ කඩු­වෙල මහ නගර සභා කණ්ඩා­යම් නායක රංජන් ජය­ලාල් මහතා-

“කඩු­වෙල කියන්නේ විශාල ජන­තා­වක් සිටින ප්‍රදේ­ශ­යක්. අප වග­කී­මක් ඉෂ්ට කරන්න සූදා­නම්. ජන­තා­වගේ සිතුම් පැතුම් ඉටු කළ යුතුයි. මේ වන­විට කඩු­වෙල ජන­තා­වට මහ නගර සභා­වෙන් සාධා­ර­ණය ඉටු වෙලා නැහැ. අපි ජන­තා­වට සාධා­ර­ණය ඉටු කර­නවා. කඩු­වෙල අනෙක් කණ්ඩා­යම් අනාථ වෙලා. කඩු­වෙ­ලින් අප රටට විශාල ආද­ර්ශ­යක් දෙනවා.”

ඡායා­රූප- ශාන් රඹු­ක්වැල්ල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT