Home » බඩ­ඉ­රිඟු ආන­ය­න­යට ගනු ලැබූ තීර­ණය ඉක්මන් කරන්න

බඩ­ඉ­රිඟු ආන­ය­න­යට ගනු ලැබූ තීර­ණය ඉක්මන් කරන්න

සමස්ත ලංකා කුකුළු ව්‍යාපා­රි­ක­යන්ගේ සංග­මයේ සභා­පති

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

ජය­සිරි මුණ­සිංහ

සත්ව ආහාර නිෂ්පා­ද­නය හා අනෙ­කුත් කර්මාන්ත සඳහා බඩ­ඉ­රිඟු ආන­ය­නය කිරී­මට ගනු ලැබූ තීර­ණය ඉක්ම­නින්ම ක්‍රියා­ත්මක කර­න්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපා­රි­ක­යන්ගේ සංග­මයේ සභා­පති මාතලී ජය­සේ­කර මහතා රජ­යෙන් ඉල්ලී­මක් කළේය.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත්දා එම අමා­ත්‍යාං­ශයේ උප­දේ­ශක කාරක සභාව පාර්ලි­මේ­න්තු­වේදී රැස්වී සිදු කළ සාක­ච්ඡා­වේදී පිට­ර­ටින් බඩ­ඉ­රිඟු ගෙන්වීම සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගෙන තිබේ.

සත්ත්ව ආහාර නිෂ්පා­ද­නය සඳහා වසර 2024 සිට 2025 ජන­වාරි 31 වැනිදා දක්වා බඩ­ඉ­රිඟු මෙට්ට්‍රි­ක්ටොන් 275,000කට ආසන්න ප්‍රමා­ණ­යක් ආන­ය­නය කර ඇති බව එම සාක­ච්ඡා­වේදී නිල­ධා­රිහු අව­ධා­ර­ණය කර ඇත.

මෙරට වාර්ෂික බඩ­ඉ­රිඟු අව­ශ්‍ය­තාව මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 6ක් බවත් එම ප්‍රමා­ණය රටින් සපයා ගැනී­මට නොහැකි බවත් මෙහිදී අනා­ව­ර­ණය වී ඇත.

මේ වන විට රට තුළ නිප­ද­වන බඩ­ඉ­රිඟු ඇතැම් ජාවා­ර­ම්ක­රු­වන් විසින් කිලෝ­වක් රුපි­යල් 130ත් 140ත් වැනි මිල­කට මිලදී ගෙන තොග රැස්ක­ර­ගෙන සිංහල හින්දු අලුත් අවු­රුදු සමයේ කිලෝ­වක් රුපි­යල් 200ක් වැනි මිලි­කට අලෙවි කිරී­මට උත්ස­හ­යක් පව­තින බවත් පැව­සීය.

ඒ හේතු­වෙන් බිත්තර සහ කුකුළු මස්වල මිලද උත්සව සමයේ ඉහළ යෑමට විශාල වශ­යෙන් බල­පෑ­මක් ඇති කරනු ඇති බවත් සත්ත්ව ආහාර නිෂ්පා­ද­කයෝ සඳ­හන් කරති.

මෙම ජාවා­ර­ම්ක­රු­වන් සිදු­ක­ර­ගෙන යන එම ක්‍රියා­ව­ලිය වැළැ­ක්වීම සඳහා බඩ­ඉ­රිඟු ආන­ය­නය කිරීම තුළින් මිල පාල­න­යක් ඇති වන බවත් එම නිසා ඇමැ­ති­ව­රයා ගත් තීර­ණය ඉතාම යහ­පත් බවත් මාතලී ජය­සේ­කර මහතා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT