Tuesday, April 8, 2025
Home » කෝට්ටේ නග­රා­ධි­පති සටනට පොහොට්ටුවෙන් ජනක

කෝට්ටේ නග­රා­ධි­පති සටනට පොහොට්ටුවෙන් ජනක

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

පොදු­ජන එක්සත් පෙර­මුණේ කෝට්ටේ මහ­න­ගර සභාවේ නග­රා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා ලෙස හිටපු නග­රා­ධි­පති ජනක රණ­වක මහතා නම් කර තිබේ.

ඊට අදාළ නාම­යෝ­ජනා පත්‍ර­යට ජනක රණ­වක මහතා විසින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මූල­ස්ථා­න­යේදී පසු­ගි­යදා අත්සන් තැබිණි.

ජනක රණ­වක මහතා කෝට්ටේ මහ­න­ගර සභාවේ මන්ත්‍රී­ව­ර­යකු, විපක්ෂ නාය­ක­ව­ර­යකු, උප නග­රා­ධි­ප­ති­ව­ර­යකු සහ 2011 වසරේ සිට 2016 වසර දක්වා නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කර තිබේ.

කෝට්ටේ මහ­න­ගර සභා බල­ප්‍ර­දේ­ශයේ අධ්‍යා­ප­නය, සෞඛ්‍ය, ක්‍රීඩා ඇතුළු යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරී­මට සුවි­ශේෂ කාර්ය­භා­ර­යක් ඉටු කර ඇත. මේ අව­ස්ථා­වට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති, නිමල් සිරි­පාල ද සිල්වා, භාණ්ඩා­ගා­රික ලසන්ත අල­ගි­ය­වන්න, හිටපු ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත මහ­ත්වරු ද එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT