Monday, April 7, 2025
Home » අසෝක විද්‍යා­ලයේ 51 වැනි සංව­ත්ස­රය දා

අසෝක විද්‍යා­ලයේ 51 වැනි සංව­ත්ස­රය දා

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

බෞද්ධ සංග­මයේ ආචාර්ය මණ්ඩ­ලය සහ සිසු දරු­වන්

කොළඹ අසෝක විද්‍යා­ලයේ 51 වැනි සංව­ත්ස­රය නිමිති කොට­ගෙන විද්‍යා­ල­යීය බෞද්ධ සංග­මයේ මෙහෙ­ය­වී­මෙන් අලි ඇතුන් සහිත පෙර­හ­රක්, පරි­ත්‍රාණ ධර්ම දේශ­නා­වක් සහ පසු­දින සඟ­සතු දාන­මය පින්ක­මක් ඉකුත්දා (14) පැවැ­ත්විණි.

පින්කම සාර්ථක කර ගැනී­මට බෞද්ධ සංග­මය භාර ආචාර්ය සෝම­පුර සුගත ස්වාමීන් වහන්සේ, කැල­ණියේ ශාසන වංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩ­ලය ලබා­දුන් සහ­යෝ­ගය අගය කරන බව බෞද්ධ සංග­මය වෙනු­වෙන් ආචා­රිනි නිමාෂා සත්ස­රණී මහ­ත්මිය පැව­සීය.

විදු­හ­ල්පති බුද්ධික අත්ත­නා­යක, නියෝජ්‍ය විදු­හ­ල්පති පාලිත අටි­ගල, නියෝජ්‍ය විදු­හ­ල්පති හේම­මාලි උඩ­වත්ත, බෞද්ධ සංග­මය භාර සහ­කාර විදු­හ­ල්ප­තිනි රත්නා­වලී ගුණ­ති­ලක මහත්ම මහ­ත්මීන් ඇතුළු සමස්ත ගරු මණ්ඩ­ල­යට, ආදි සිසු­න්ටත් සිසු දරු­ව­න්ටත් බෞද්ධ සංග­මයේ සියලු දරු­ව­න්ටත් ස්තුතිය පිරි­න­මන බව ද ඇය කීය.

පෙර­හරේ අව­ස්ථා­වක්

පෙර­හරේ අව­ස්ථා­වක්

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT