රුපියල් හතළිස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (18) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පුද්ගලයා නාවට්කාඩු ප්‍රදේශයේ පදිංච් 21 හැවිරිදි තරුණයෙකි .
ඔහු මීට මාස දෙකකට පෙර සංචාරක වීසා යටතේ ඩුබායි වෙත ගොස් තිබේ .
මොහු මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , කුවේට් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් 03/18 දින අලුයම 03.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 27,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 135 ක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති මෙම පුද්ගලයා හෙට (19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .