Home » දේශ­බන්දුගේ රිට් පෙත්සම විසි කරයි

දේශ­බන්දුගේ රිට් පෙත්සම විසි කරයි

දුටු තැන අල්ලන්න නියෝග

by Gayan Abeykoon
March 18, 2025 4:15 pm 0 comment

නෙල්කා මැද­ගෙ­දර

සැඟව සිටී­මට උදවු කරන අය­ටත් නීතිය ක්‍රියා­ත්මක කරන්න

රිට් පෙත්සමේ තීන්දුව  ප්‍රකාශය කල් තබ­න්නැයි ඉදි­රි­පත් කළ මෝසමත් ඉව­තට

වැලි­ගම “W 15” හෝට­ල­යට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සිද්ධිය: 

වැලි­ගම ÒW 15Ó හෝට­ල­යට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සිද්ධි­යට අදා­ළව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කර­මින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් දී ඇති නියෝ­ගය නීත්‍ය­නු­කූල බවට තීර­ණය කළ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය වහාම ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු බල­ධා­රීන්ට ඊයේ (17) නියම කළේය.

එසේම අධි­ක­ර­ණය මඟ­හ­රි­මින් මෙතෙක් ඔහුට සැඟවී සිටී­මට ආධාර අනු­බල දෙන අයට එරෙ­හිව නීති­මය පිය­වර ගන්නා ලෙසට මාතර මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට නියම කෙරිණ.

මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් ඉකුත් පෙබ­ර­වාරි මස 27 වැනිදා නිකුත් කළ එම නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ඉදි­රි­පත් කළ රිට් පෙත්සම නඩු ගාස්තු­වට යටත්ව නිෂ්ප්‍රභ කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් මෙම නියෝ­ගය කරන ලදි.

අදාළ නියෝ­ගය ප්‍රකාශ කිරීම කල් තබන ලෙස ඉල්ලා පෙත්ස­ම්කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සිය නීති­ඥ­ව­රුන් මඟින් ඉදි­රි­පත් කළ මෝස­මක් ප්‍රති­ක්ෂේප කර­මින් මෙම නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කෙරිණ.

අදාළ නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කිරීම සඳහා එම රිට් පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී පෙත්ස­ම්කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳ­හන් කළේ මෙම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබන ලෙස ඉල්ලා තමන් විසින් මෝස­මක් ඉදි­රි­පත් කරනු ලැබූ බවය.

සිය සේවා­දා­ය­කයා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වූ නියෝ­ග­යට අදා­ළව මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු ගොනුව මීට පෙර අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර නොතිබූ බවය.

එය මේ වන විට තමන් විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ගොනු කර තිබීම නිසා එය සැල­කි­ල්ලට ගන්නා තෙක් මෙම පෙත්සම පිළි­බඳ නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කිරීම කල් තබන ලෙස අදාළ මෝසම මඟින් ඉල්ලා ඇති බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

එම ඉල්ලී­මට දැඩි විරෝ­ධය පළ කරන බව නීති­ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­ස්ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා එහිදී සඳ­හන් කළේය.

මෙම පෙත්සම පිළි­බ­ඳව දෙපා­ර්ශ්වය විසින් ඉදි­රි­පත් කළ කරුණු පසු­ගිය 12 වැනිදා අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ පූර්ණ සැල­කි­ල්ලට ලක් කිරී­මෙන් අන­තු­රුව අදාළ තීන්දුව ප්‍රකාශ කිරී­මට දින නියම කර තිබූ බව අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා පෙන්වා දුන්නේය.

පෙත්සම සම්බ­න්ධ­යෙන් වෙනත් ලිය­කි­ය­විලි කිසි­වක් ඉදි­රි­පත් කිරී­මට පෙත්ස­ම්කාර පාර්ශ්ව­යෙන් එම අව­ස්ථා­වේදී ඉල්ලී­මක් සිදු නොකෙ­රුණු අතර මුල් නඩු ගොනුව ඉදි­රි­පත් නොකි­රීම සම්බ­න්ධ­යෙන් කරුණු තමන් විසින් විරෝ­ධතා ලෙස ඉදි­රි­පත් කළ බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

එසේම අදාළ මෝසම පෙර­වරු 8.45ට තමන්ට ලැබුණු බව සඳ­හන් කළ අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා ඉකුත් 12 වැනිදා අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබී­මෙන් අන­තු­රුව එවැනි මෝස­මක් ගොනු කිරීම සඳහා ඕනෑ තරම් කාලය පෙත්ස­ම්ක­රුට තිබූ බවද පෙන්වා දුන්නේය.

එසේ තිබි­යදී මෙවැනි මෝස­මක් ඉදි­රි­පත් කිරීම නීතිය අව­භා­විත  කිරී­මට සහ නීතිය ආපසු හැර­වී­මට කරන උත්සා­හ­යක් බවට පෙන්වා දුන් ඒ මහතා එවැනි උත්සා­හ­යන්ට කිසිදු අව­ස්ථා­වක අධි­ක­ර­ණය විසින් අව­සර ලබා නොදිය යුතු බවද අව­ධා­ර­ණය කළේය.

එබැ­වින් මෙම මෝසම ඉවත දමා පෙත්සම සම්බ­න්ධ­යෙන් වන අභි­යා­ච­නා­ධි­ක­රණ නියෝ­ගය එම අව­ස්ථා­වේ­දීම ප්‍රකාශ කරන ලෙස අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති  නීතිඥ රොමේෂ්  ද  සිල්වා මහතා සඳ­හන් කළේ මෙම වෙඩි තැබීමේ සිද්ධි­යට අදා­ළව සෙසු සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට නොගන්නා ලෙසට අධි­ක­ර­ණ­යේදී ඇති කර­ගත් එක­ඟ­තාව අනුව කට­යුතු කරන ලෙස නීති­ප­ති­ව­රයා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් ලබා දී ඇති බවට සඳ­හන් කර­මින් පොලිස් මාධ්‍ය ඒක­කය විසින් නිවේ­ද­න­යක් නිකුත් කර ඇති බවය.

එම එක­ඟ­තාව අනුව සිය සේවා­දා­ය­කයා සම්බ­න්ධ­යෙන්ද කට­යුතු කළ යුතු බවට ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එහිදී සඳ­හන් කළේය.

එහිදී අති­රේක සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේ එම සැක­ක­රු­වන් විසින් ඉදි­රි­පත් කරනු ලැබූ පෙත්ස­ම­කට අදා­ළව මීට පෙර අධි­ක­ර­ණය හමුවේ ඇති කර ගත් එක­ඟ­තා­වක් පිළි­බ­ඳව පොලිස් මාධ්‍ය ඒක­කය විසින් එම නිවේ­ද­නය නිකුත් කර ඇති බවය.

මෙම පොලිස් මාධ්‍ය නිවේ­ද­නයේ පිට­ප­තක්ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා  අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

එය පරී­ක්ෂා­වට ලක් කළ අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ වැඩ­බ­ලන සභා­පති විනි­සුරු ලෆාර් තාහීර් මහතා කියා සිටියේ එම නිවේ­ද­නයේ සඳ­හන් වන ආකා­ර­යට තම අධි­ක­ර­ණය විසින් එවැනි නියෝ­ග­යක් නිකුත් කර නැති බවය.

ඒ පිළි­බ­ඳව කරුණු ඉදි­රි­පත් කළ අති­රේක සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා

අදාළ නඩුව සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝ­ගය ලබා දීමට පෙර එම එක­ඟ­තාව ඇතිකර ­ගත් බව පෙන්වා දුන්නේය.

මේ වන විට එම නඩුව සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් නියෝ­ග­යක් ලබා දී ඇති බැවින් එම අධි­ක­රණ නියෝ­ග­යට අව­න­තව කට­යුතු කළ ­යුතු බව අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

එබැ­වින් මීට පෙර ඇති­ක­ර­ ගත් එක­ඟ­තාව අනුව තව­දු­ර­ටත් කට­යුතු කළ නොහැකි බවට පෙන්වා දුන් අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා ඒ බව අධි­ක­ර­ණ­යට දැනුම් දෙන ලෙස නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින කනිෂ්ඨ නීති­ඥ­ව­ර­යාට උප­දෙස් ලබා දෙන බවද සඳ­හන් කළේය.

එම එක­ඟ­තාව තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක නොවන බවද නීති­ප­ති­ව­රයා විසින් එය ඉවත් කර­ගෙන ඇති බවද ප්‍රකාශ කළ ඒ මහතා මෙම නිවේ­ද­නය නිකුත් කිරීම සම්පූ­ර්ණ­යෙන්ම මාධ්‍ය සංද­ර්ශ­න­යක් බවට චෝදනා කළේය.

පෙත්ස­ම්කරු අදාළ අධි­ක­රණ නියෝ­ගය නිකුත් කළ දින සිට අධි­ක­ර­ණය මඟ­හ­රි­මින් සැඟව සිටින බවට අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා පෙන්වා දුන්නේය.

ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මිත නඩු තීන්දු­වට බල­පෑ­මක් සිදු කිරීමේ අර­මු­ණින් මාධ්‍ය හරහා ප්‍රචා­රය කිරී­මට මෙම නිවේ­ද­නය නිකුත් කර ඇති බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද වෙනත් පෙත්සම් විභා­ග­ය­කදී අධි­ක­ර­ණ­යේදී ඇතිකර ගත් එක­ඟ­තාව පෙත්ස­ම්ක­රුට බල නොපාන බව සඳ­හන් කළ අති­රේක සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා පෙත්සම සම්බන්ධ වන නියෝ­ගය නියම කළ පරිදි ප්‍රකාශ කරන ලෙස විනි­සුරු මඬු­ල්ලෙන් ඉල්ලා සිටි­යේය.

දෙපා­ර්ශ්වය ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම මෝසම ප්‍රති­ක්ෂේප කර­මින් නියෝ­ගය ප්‍රකාශ කිරී­මට තීර­ණය කරන බව වැඩ­බ­ලන සභා­පති විනි­සුරු මොහො­මඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු සරත් දිසා­නා­යක මහ­තාගේ එක­ඟ­ත්ව­යෙන් යුතු අදාළ නියෝ­ගය වැඩ­බ­ලන සභා­පති විනි­සුරු මොහො­මඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේය.

අදාළ තීන්දුව ප්‍රකාශ කර­මින් අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සු­රු­ව­රයා මෙසේ සඳ­හන් කළේය.

මෙම පෙත්ස­ම්කරු සාමාන්‍ය පුර­වැ­සි­යෙක් නොවෙයි. ඔහු රටේ පොලි­ස්ප­ති­ව­රයා. රටේ නීතිය රැකීම සහ නීතියේ ආධි­ප­ත්‍යය ආරක්ෂා කිරීමේ වග­කීම ඔහු සතුයි. ඔහුට නීතිය පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් තිබිය යුතුයි. එවැනි වග­කි­ව­යුතු පුද්ග­ල­ය­කුට අධි­ක­රණ නියෝග මඟ­හ­රි­මින් කට­යුතු කිරී­මට නොහැ­කියි . සුළු වැරදි සම්බ­න්ධ­යෙන් වන සාමාන්‍ය මිනි­සුන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර නීතිය ක්‍රියා­ත්මක කර­වී­මට පොලි­ස්ප­ති­ව­රයා ලෙස ඔහුම ක්‍රියා­ත්මක වී තිබෙ­නවා. එසේ තිබි­යදී නීති­යෙන් සැඟව සිටී­මට මෙලෙස උත්සාහ කිරීම අනු­මත කළ නොහැ­කියි.

මෙම පෙත්සම් ඉදි­රි­පත් කිරී­මේදී පෙත්ස­ම්කාර පාර්ශ්වය  කරුණු වසන් කර තිබෙ­නවා. මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී විභාග වන නඩු­වට අදාළ බී වාර්තා ,.මරණ පරී­ක්ෂණ වාර්තා, කාර්ය සට­හන් ඇතුළු මුල් සම්පූර්ණ නඩු ගොනු­වක් ඉදි­රි­පත් කර නැහැ. එහිදී පෙත්ස­ම්ක­රුට වාසි­ස­හ­ගත ලිය­වි­ල්ලක් පම­ණක් ඉදි­රි­පත් කර තිබෙ­නවා .

රිට් පෙත්ස­ම­කදී අධි­ක­ර­ණයේ අභි­ම­තය ප්‍රකාශ කෙරෙ­නවා. එය ලබා ගැනීම සඳහා සම්පූර්ණ වශ­යෙන් කරුණු ඉදි­රි­පත් කළ යුතුයි . එහෙත් මෙහිදී පෙත්ස­ම්කරු විසින් අව­ශ්‍යම කරුණු කර ඇති බව අධි­ක­ර­ණයේ මත­යයි. යනු­වෙන් විනි­සු­රු­ව­රයා සිය තීන්දුව ප්‍රකාශ කර­මින් සඳ­හන් කළේය.

පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් සැක­කරු මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඔහු සාමාන්‍ය පුර­වැ­සි­යකු නෙමෙයි මේ රටේ පොලි­ස්ප­ති­ව­රයා. ඔහු අප­රාධ නීතිය පිළි­බඳ හොඳින් දන්නවා. නීති­ග­රුක අයෙකු ලෙස ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නියෝ­ග­යට අව­න­තව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වීමයි.

මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාගේ නියෝ­ගය දෝෂ සහිත නම් ඒ සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කළ යුතු විධි­මත් නීති­මය ක්‍රම­යක් තිබෙ­නවා. එසේ තිබි­යදී එය අනු­ග­ම­නය නොකර සැඟවී සිටි­න්නට පෙත්ස­ම්කරු කට­යුතු කර තිබෙ­නවා. තමන් නීති­යට ඉහ­ළින් සිටින පුද්ග­ල­යකු ලෙස සිතා­ගෙන පෙත්ස­ම්කරු කට­යුතු කර ඇති බවක් අධි­ක­ර­ණ­යට පෙනී යනවා

සාමාන්‍ය පුර­වැ­සි­යෙ­කුට එරෙ­හිව මෙවැනි වරෙ­න්තු­වක් නිකුත් කරනු ලැබු­වොත් එය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය කට­යුතු කළත් නීතියේ ආධි­ප­ත්‍යය ක්‍රියා­ත්මක කරන ආය­ත­න­යක ප්‍රධා­නි­ය­කුට එරෙ­හිව එසේ නීතිය ක්‍රියා­ත්මක නොවන්නේ නම් එය බැහැර කළ නොහැ­කියි.

එසේ නොක­ළ­හොත් නීතිය ක්‍රියා­ත්මක කරන ආය­ත­නය කෙරෙහි පව­තින මහ­ජන විශ්වා­සය බිඳ­වැටී යුක්තිය සහ සාධා­ර­ණ­ත්වය ඉටු කර ගැනීම සඳහා මිනි­සුන් නීතිය තමන් අතට ගැනී­මට පෙල­ඹෙ­නවා. එසේ වුව­හොත්  අර­ග­ල­යට සමාන තත්ත්ව­යක් ඇති වීමට හැකි­යාව තිබෙ­නවා. නීතිය ක්‍රියා­ත්මක කිරී­මට බැඳී සිටින ආය­තන ප්‍රධා­නියා නීති­යට අව­නත නොවී සැඟව සිටීම වැරදි පූර්වා­ද­ර්ශ­යක් ලබා දීමක්. නිසි ක්‍රම­වේ­දය අනු­ග­ම­නය නොකර රිට් පෙත්ස­මක් ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කිරීම වැර­දි­ස­හ­ගත බව අධි­ක­ර­ණ­යට පෙනී යනවා  යනු­වෙන් අදාළ තීන්දුව ප්‍රකාශ කර­මින් අභි­යා­ච­නා­ධි­ක­රණ වැඩ­බ­ලන සභා­පති විනි­සුරු ලෆාර් තාහීර් මහතා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

එසේම  පෙත්ස­ම්කරු සහන පතා මෙම අධි­ක­ර­ණ­යට පැමිණ තිබෙන්නේ පිරි­සුදු දෑතින් නොවන බවයි පෙනී යන්නේ. එම නිසා ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදා­නය කිරී­මට අධි­ක­ර­ණ­යට හැකි­යා­වක් නැහැ  යනු­වෙන් විනි­සු­රු­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මේදී අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 136(1)1 වග­න්තිය යටතේ මෙවැනි නියෝ­ග­යක් නිකුත් කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට බලය නැති බව පෙත්ස­ම්කාර පාර්ශ්වය ඉදි­රි­පත් කළ කරුණු පිළි­ගැ­නී­මට හැකි­යා­වක් නැති අතර අප­රාධ නඩු විධාන සංග්‍ර­හය යටතේ මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට මෙවැනි නියෝ­ග­යක් නිකුත් කිරී­මට බලය තිබෙන බවට එහිදී තීන්දු කරන බව අභි­යා­ච­නා­ධි­ක­රණ වැඩ­බ­ලන සභා­පති විනි­සුරු ලෆාර් තාහීර් මහතා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

විභා­ග­යට ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගෙන කරුණු අටක් අව­ධා­න­යට ලක් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් අදාළ නියෝ­ගය ප්‍රකාශ කර ඇති බව විනි­සු­රු­ව­රයා එහිදී සඳ­හන් කළේය.

1.පෙත්ස­ම්කරු පොලි­ස්ප­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් පැරා මිලි­ටරි කණ්ඩා­ය­මක් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කර තිබීම

2.කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් දකුණු ප්‍රදේ­ශ­යට ගෙන ගොස් වැරදි ලෙස ස්ථාන­ගත කර තිබීම .

3.අදාළ වැට­ලීම සම්බ­න්ධ­යෙන් කිසිදු සට­හ­නක් තබා නැති වීම.

  1. අදාළ වැට­ලීම සිදු ­කි­රීම සම්බ­න්ධ­යෙන් ප්‍රදේ­ශයේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කර නොති­බීම.

5.ටී 56 ඇතුළු ගිනි­අවි නීති විරෝධී ලෙස ලබා­ගෙන නීති විරෝධී ලෙස භාවිත කර තිබීම.

6.සිද්ධි­යේදී තුවාල ලැබූ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රියා ළඟම රෝහ­ලට ඇතු­ළත් නොකර ඉම­දූව අධි­වේගී මාර්ග පිවි­සුම තෙක් වාහ­නය රැගෙන යාම.

7.එම සිද්ධිය වන අව­ස්ථා­වේදී වැට­ලී­මට සම්බ­න්ධව සිටි සියලු නිල­ධා­රීන්ගේ රාජ­කාරි දුර­ක­තන ක්‍රියා­වි­ර­හිත කර තිබීම.

8.මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ නියෝ­ගය ලබා දීමෙන් අන­තු­රුව එම අධි­ක­ර­ණය නියෝ­ග­යට අව­නත නොවී පෙත්ස­ම්කරු සැඟව සිටීම.

ඉදි­රි­පත් වූ සිද්ධි­මය කරුණු පම­ණක් නොව මරණ පරී­ක්ෂණ වාර්තාව ඇතුළු කරුණු සැල­කි­ල්ලට ගෙන මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් අදාළ නියෝ­ගය නිකුත් කර ඇති බවට අධි­ක­ර­ණයේ මතය බවද තීන්දුව ප්‍රකාශ කර­මින් වැඩ­බ­ලන සභා­පති විනි­සු­රු­ව­රයා සඳ­හන් කළේය.

ඒ අනුව පෙත්ස­ම්කරු   අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් නිකුත් කර තිබෙන වරෙ­න්තුව නීත්‍ය­නු­කූල බවට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය තීන්දු කළේය.

ඒ අනුව පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කරන ලෙස කළ ඉල්ලී­මද මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නියෝ­ගය අත්හි­ටු­වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස කළ ඉල්ලී­මද ප්‍රති­ක්ෂේප කිරී­මට තීර­ණය කෙරිණි.

රුපි­යල් 10525/- ක ගාස්තු­ව­කට යට­ත්කොට පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදි.

නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් අන­තු­රුව විවෘත අධි­ක­ර­ණ­යේදී  ප්‍රකා­ශ­යක් සිදු කළ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා සඳ­හන් කළේ මෙවැනි තීන්දු­වක් ලබාදීම සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට ස්තුතිය පළ කරන බවය .මෙය අධි­ක­රණ ඉති­හා­සයේ ඓති­හා­සික තීන්දු­වක් වනු ඇති බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී සඳ­හන් කළේය.

2023 වසරේ දෙසැ­ම්බර් මස 31 වැනිදා මාතර වැලි­ගම ප්‍රදේ­ශයේ පිහිටි ‘W 15’ හෝට­ලය ඉදි­රි­පිට වෙඩි තැබී­මක් සිදු වූ අතර එම සිද්ධි­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට අනු­යුක්ත පොලිස් සැර­ය­න්ව­ර­යකු මර­ණ­යට පත්වී තිබුණි.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වූ බී වාර්තා­ව­කට අනුව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් නියෝ­ග­යක් නිකුත් කරන ලදි.

තම­න්ගෙන් ප්‍රකා­ශ­ය­ක්වත් සට­හන් කර ගැනී­මට පෙර අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීති විරෝධී මෙන්ම අසා­ධා­රණ වන බැවින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් නිකුත් කර තිබෙන නියෝ­ගය බල රහිත කිරීමේ රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

මෙම පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස, වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය, මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල, එම අමා­ත්‍යාං­ශයේ ලේකම් රවි සෙනෙ­වි­රත්න, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පා­විල ඇතුළු දහ හතර දෙ‍නකු නම් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT