මේ වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නෙල්සන් මැන්ඩෙලා ත්‍යාගය සඳහා පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකුගේ නම් නිර්දේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලුකිස්තානයේ අතුරුදන්වූවන් වෙනුවෙන් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව හඬ නඟමින් සිටින එම ප්‍රාන්තයේ කීර්තිමත් පුද්ගලයන් වන බලූචි අතුරුදන්වූවන්ගේ හඬ සංවිධානයේ උප ප්‍රධානි මාමා කදීර් සහ නර්ගීස් බලෝචි එම සම්මාන සඳහා නිර්දේශ කර ඇත්තේ ෆෝකස් ඒෂියා පදනම විසින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
බලුකිස්තානයේ සිදුවන නීතිවිරෝධී පැහැරගෙන යෑම්, අතුරුදන් කිරීම් සහ නොයෙකුත් හිංසා පීඩනවලට එරෙහිව ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීම සඳහා මාමා කදීර් සහ නර්ගීස් බලෝචි වසර ගණනාවක සිට සිය ජීවිත කැප කරමින් සිටින බව ෆෝකස් ඒෂියා පදනම ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 වසරේ සිට පිරිනමනු ලබන මේ කීර්තිමත් සම්මානය මානව හිමිකම්, සමාජ යුක්තිය සහ සාමය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ලොව විවිධ රටවල පුද්ගලයන් වෙනුවෙන් පිරිනමනු ලබන ගෞරව සම්මානයකි.