නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලු වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු අද(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා එසේ පිටත්ව ගොස් ඇත.
එහිදී අදහස් දැක් වූ එම නීතිඥවරුන්, පොඩි ලැසී ට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුලු වීම පිළිබද චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවත් , ඔහුට ඒ සදහා අවශ්‍ය නීති උපදෙස් ලබා දෙමින් ඇප ඉල්ලීමට කටයුතු කරන බව පැවසිය.
ශ්‍රී ලංකාවේ පොලීසියට පොඩි ලැසී සෙවීමට අවශ්‍ය කරන චෝදනා කිසිවක් නැති අපරාධ සදහා නම් වී ඇති සැකකරුවෙකු නොවන බවද ඔවුන් පැවසීය .
එමෙන්ම ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකම නඩු ගනනාවක් විභාග වෙමින් පවතින බවත් , ඒ කිසිදු නඩු කටයුත්තක් සදහා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී නොමැති බවත් , තමන් එම නඩු කටයුතු සදහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීතිඥවරුන් දෙදෙනා පැවසීය.
ඉන්දියාව තුළ දී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීප දෙනෙකු පෙනී සිටින බවත් , ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාව තුළ පොඩි ලැසී ට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.
මෙම නීතීඥවරුන් දෙදෙනා අද පස්වරු 04.00 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 275 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
මෙම නඩුව එළඹෙන 21වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර තානේ (Thane) අධිකරණයේ දී විභාග වීමට නියමිතය.
කටුනායක ටී.කේ.ජී.කපිල