Home » මිද්දෙනියේ කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය මෙහෙය වූ දෙදෙනකුට‍ විවෘත වරෙන්තු

මිද්දෙනියේ කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය මෙහෙය වූ දෙදෙනකුට‍ විවෘත වරෙන්තු

by yasara
March 18, 2025 4:19 pm 0 comment

මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදී “මිද්දෙණියේ කජ්ජා” සහ ඔහුගේ පුතු හා දියණිය ඝාතනය කිරීමේ අපරාධය මෙහෙවූ බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින “තැඹිලි ලහිරු” හා “බැකෝ සමන්” යන දෙදෙනාට වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නවෝදා කෝකු හැන්නදිගේ මෙනෙවිය අද (18) වීවෘත වරෙන්තු නිකුත් කළාය.

ඒ මිද්දෙනිය පොලීසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් වික්‍රමසේකර මහතා විසින් ත්‍රිත්ව ඝාතනයට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් කරන ලද ඉල්ලීමක් සැලකා බැලීමෙන අනතුරුවය.

ඉකුත් මස 18 වැනි දින රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු හා දියණිය ඝාතන කරවීම සදහා ප්‍රධාන සැලසුම් සකස් කොට ඇත්තේ තැඹිළි ලහිරු හා බැකෝ සමන් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මිද්දෙනිය කුඩගල් ආරේ පදිංචිව සිටි එදිරිසිංහ කම්කානන්ගේ ලහිරු මදුෂාන් හෙවත් “තැබිලි ලහිරු” හා මිද්දෙනිය උලහිටියාවේ පදිංචිව සිටි නැදුන් හේවගේ නිර්මල සංජීව හෙවත් “බැකෝ සමන්” නැමති දෙදෙනාටය.

මෙම සැකකරුවන් දෙදෙනා දකුණේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේද ප්‍රබලයන් දෙදෙනෙකු වන බවත්,ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ඇති බවටද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම ඝාතනයට සැක පිට ප්‍රධාන වෙඩික්කරු ඇතුලුව සැකකරුවන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT