Home » ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඉදිරියේ දී විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක්

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඉදිරියේ දී විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක්

by chanaka
March 18, 2025 3:35 pm 0 comment

2025 අන්තර්ජාතික ප්‍රතිචක්‍රීකරණ දින සැමරීම පරිසර අමාත්‍යාංශයේ දී අද (18) සිදුකෙරිණ.

මෙවර ජගත් ප්‍රතිචක්‍රීකරණ දින තේමාව වූයේ තිරසාර ග්‍රහලෝකයක් සහ හරිත අනාගතයක් සඳහා ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම ප්‍රදර්ශනය කරන පුද්ගලයින්, ස්ථාන සහ ක්‍රියාකාරකම් හඳුනා ගනිමින් “Recycling Heroes” යන්නයි. පරිසර අමාත්‍යංශයේ පරිසර දූෂණ පාලනය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද වේරහැර මහතාගේ මැදිහත්වීමෙන් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ද සහභාගී වූ අතර විශේෂ ආරාධිතයින් ලෙස පෞද්ගලික අංශයේ සංවිධාන සහ ආයතනයන් මෙන්ම විවිධ පාර්ශවකරුවන් සහභාගී වූහ.

ඝණ අපද්‍රව්‍ය භාවිතය අවම කිරීම මගින් චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය සැමරීම ආරම්භ කරනු ලැබුවේ 2018 වසරේ සිටය. කඩදාසි, ප්ලාස්ටික්, ලෝහ සහ වීදුරු අපද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මූලයන් සහ බලශක්ති පිරිවැය අඩු කරමින් නව නිෂ්පාදන නිපදවීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය හඳුනාගැනීම මෙන් ම නව රජය විසින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ එහි අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජනනය වැළැක්වීම සහ අවම කිරීම සඳහා කටයුතු කරමින් පවතී.

නිවැරදි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් නොමැති වීම හේතුවනේ දැඩි පරිසර හානි, දරිද්‍රතාවය ඉහළ යාම, රැකියා අහිමිවීම්, වාසස්ථාන අතුරුදහන්වීම් ඇතුළු ඇති වන අතර ඒ වෙනුවෙන් 2030 වසරේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර ප්‍රතිචක්‍රීකරණය සඳහා විශේෂ අවධානය ද යොමු වී තිබේ.

වත්මන් රජය මගින් ක්‍රියාත්මක ක්ලින් ශ්‍රී ලංකා (clean sri lanka) වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් ලෙස ප්‍රතිචක්‍රීකරණය මගින් සමතුලිත සහ හරිතවත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සහ ඒ ආශ්‍රිත විෂයන් සඳහා ඉදිරියේ දී වැදගත් අමාත්‍ය මණ්ඩල තීරණ කීපයක් ගැනීමට ද නියමිත බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් පරිසර අමාත්‍යවරයා අදහස් දක්වන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT