Home » අස්වැසුම වැඩි වෙයි

අස්වැසුම වැඩි වෙයි

by chanaka
March 18, 2025 1:19 pm 0 comment

aswasuma newws

අස්වැසුම් සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟිනුයි මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කර ඇත.

2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මගින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයයේ I වන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාල පරිච්ඡේදය 2025 -04-30 දක්වා දීර්ඝ කිරීම.

  • එකී යෝජනා ක්‍රමයේ II වන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමනු ලබන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීම.
  • II වන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව, ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.
  • 2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය යටතේ දීමනා ගෙවීම නතර වුවත්, එම පවුල්වල සිටින ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පිරිනමනු ලබන ප්‍රතිලාභ දිමනා ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීම.

 

  • අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව, ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025-12-31 දින දක්වා අදාළ දීමනා ගෙවීම.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT