Home » දරු පවු­ලක් ජීවත් වූ පැල්ප­තට ගිනි තියලා දරු­වන්ට උග­න්වන්න උදවු කර­න්නැයි මව­ගෙන් ඉල්ලීම්

දරු පවු­ලක් ජීවත් වූ පැල්ප­තට ගිනි තියලා දරු­වන්ට උග­න්වන්න උදවු කර­න්නැයි මව­ගෙන් ඉල්ලීම්

by damith
March 17, 2025 3:15 pm 0 comment

සිරි­පුර සමූහ - මදු­ශානි අබේ­සිංහ

කිසි­යම් පුද්ග­ල­යෙකු පෞද්ග­ලික කාර­ණ­යක් මත දිඹු­ලා­ගල දළු­කාන ගම්මා­නයේ නිවෙ­ස­කට පසු­ගි­යදා උදෑ­සන ගිනි තැබීම හේතු­වෙන් එම නිවෙසේ දරු­වන්ගේ පොත්පත්, සුදු­ඇ­ඳුම්, උප්පැන්න සහ­තික ඇතුළු වටිනා ලිය­කි­ය­විලි රැසක් විනාශ වී ඇති බව මන­ම්පි­ටිය පොලී­සිය පව­සයි. නිවෙසේ තිබු ඇඳක්, කබඩ්, මේස, මෙට්ට ඇතුළු උප­ක­රණ රැසක්ද ගින්නෙන් විනාශ වී ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙලෙස ගින්නෙන් දැවී විනාශ වී ඇත්තේ දළු­කාන සී ගම්මා­නයේ පදිංචි 23 හැවි­රිදි දෙදරු මවක වන එම්. දිලානි යන අයට අයත් කුඩා පැල්ප­තකි.

ගිනි තැබී­මට සම්බන්ධ කිසිදු අයකු මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් මන­ම්පි­ටිය පොලී­සිය වැඩි­දුර පරී­ක්‍ෂණ සිදු කරයි.

මම අම්ම­ලාගේ ගෙදර ඉන්න වෙලාවේ නැන්දා කෙනෙක් ඇවිත් කිව්ව ගේ ගිනි ගන්නවා කියලා, මම දුව­ගෙන එන­විට ගෙදර ඇඳුම් පැල­ඳුම්, බඩු මුට්ටු සේරම පිච්චිලා, පුතාලා දෙන්නගේ ඇඳුම් සේරම විනාශ වෙලා, පුතා­ලට ඇඳුම් පැල­ඳුම් අරන් දෙන්න අපිට වත්ක­මක් නෑ පුළු­වන් නම් අපිට කවුරු හරි උදව් කරන්න. මගේ පුතා ඉස්කෝලෙ යන්න ආසයි, ඉගෙන ගන්නත් ආසයි, ඒත් ඇඳුම් පැල­ඳුම් අරන් දෙන්න වත්ක­මක් නෑ. මහ­ත්තයා කුලී වැඩ කරන්නේ, දැන් අපි ගොඩක් අස­ර­ණයි පුළු­ව­න්නම් දරුවෝ ඉස්කෝලේ යවන්න පොත්පත් ගන්න උදව් කරන්න කියලා මම ඉල්ලී­මක් කර­නවා යැයි දිලානි හැඬු කඳු­ළින් එලෙස පැව­සූ­වාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT