Monday, April 21, 2025
Home » අනු­රා­ධ­පුර ශාන්ත ජෝශප් විද්‍යා­ලයේ අභි­නව තාක්ෂණ පීඨය සිසු අයි­ති­යට

අනු­රා­ධ­පුර ශාන්ත ජෝශප් විද්‍යා­ලයේ අභි­නව තාක්ෂණ පීඨය සිසු අයි­ති­යට

by damith
March 17, 2025 4:03 pm 0 comment

අමිල ප්‍රභාත් වන­සිංහ අනු­රා­ධ­පුර අති­රේක

අනු­රා­ධ­පුර ශාන්ත ජෝශප් විද්‍යා­ලයේ අභි­න­ව­යෙන් ඉදි­කළ තාක්ෂණ පීඨය විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහතා අතින් පසු­ගි­යදා සිදු කෙරිණි.

රේඛීය අමා­ත්‍යාං­ශය යටතේ ඇති තාක්ෂණ අධ්‍යා­පන සංව­ර්ධන ව්‍යාපෘ­තිය මඟින් මෙම තාක්ෂණ පීඨය ඉදි­කර ඇති අතර, OFID ආය­ත­නය සහ ශ්‍රී ලංකා රජය මේ සඳහා අර­මු­දල් සපයා තිබේ. මෙහි සිවිල් ඉංජි­නේරු ඒක­ක­යක්, යාන්ත්‍රික ඉංජි­නේරු ඒක­ක­යක්, ජෛව පද්ධති තාක්ෂණ තාක්ෂ­ණ­වේදී ඒක­ක­යක්, විදුලි ඉංජි­නේරු ඒක­ක­යක්, ඉලෙ­ක්ට්‍රො­නික් ඒක­ක­යක්, තාක්ෂ­ණ­වේ­දය සඳහා විද්‍යා­ගාර පහ­සු­කම් සහ පන්ති කාමර තුන­කින් සම­න්වි­තය. මේ සඳහා අවශ්‍ය උප­ක­ර­ණ­ව­ලින් ද මෙම තාක්ෂණ පීඨය සම­න්වි­තය.

මෙම තාක්ෂණ පීඨය අනු­රා­ධ­පුර ශාන්ත ජෝශප් විද්‍යා­ලය වෙත ලබා ගැනීම සඳහා විශාල මෙහෙ­යක් කළ උතුරු මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත ජන­දාස මහ­තා­ටත්, පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ තාක්ෂණ විෂය භාර අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියං­කර මහ­තාට සහ එව­කට අධ්‍යා­පන රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම්ව සිට දැනට විශ්‍රා­මික රංජිත් චන්ද්‍ර­සේන මහ­තාට උප­හාර තිළිණ ප්‍රදා­නය කිරීම ද මෙහිදී සිදු විය. මෙම අව­ස්ථා­වට පළාත් ප්‍රධාන අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජය­ලත්, පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්. සම­ර­කෝන්, තාක්ෂණ විෂය අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියං­කර, විද්‍යා­ලයේ විදු­හ­ල්පති අජිත් ද සිල්වා යන මහ­ත්ව­රුන් සහා නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­රුන්, ගුරු­ව­රුන්, ආදි ශිෂ්‍ය­යන්, මවු­පි­යන් හා දරු දැරි­යන් ඇතුළු පිරි­සක් එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT