අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තාක්ෂණ පීඨය විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.
රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම තාක්ෂණ පීඨය ඉදිකර ඇති අතර, OFID ආයතනය සහ ශ්‍රී ලංකා රජය මේ සඳහා අරමුදල් සපයා තිබේ. මෙහි සිවිල් ඉංජිනේරු ඒකකයක්, යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයක්, ජෛව පද්ධති තාක්ෂණ තාක්ෂණවේදී ඒකකයක්, විදුලි ඉංජිනේරු ඒකකයක්, ඉලෙක්ට්‍රොනික් ඒකකයක්, තාක්ෂණවේදය සඳහා විද්‍යාගාර පහසුකම් සහ පන්ති කාමර තුනකින් සමන්විතය. මේ සඳහා අවශ්‍ය උපකරණවලින් ද මෙම තාක්ෂණ පීඨය සමන්විතය.
මෙම තාක්ෂණ පීඨය අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය වෙත ලබා ගැනීම සඳහා විශාල මෙහෙයක් කළ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජනදාස මහතාටත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාක්ෂණ විෂය භාර අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියංකර මහතාට සහ එවකට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිට දැනට විශ්‍රාමික රංජිත් චන්ද්‍රසේන මහතාට උපහාර තිළිණ ප්රදානය කිරීම ද මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්. සමරකෝන්, තාක්ෂණ විෂය අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියංකර, විද්‍යාලයේ විදුහල්පති අජිත් ද සිල්වා යන මහත්වරුන් සහා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන්, මවුපියන් හා දරු දැරියන් ඇතුළු පිරිසක් එක් වූහ.