Home » අලි කඩා දැමූ අම්පාරේ විදුලි කණු යළි සක­සයි

අලි කඩා දැමූ අම්පාරේ විදුලි කණු යළි සක­සයි

by damith
March 17, 2025 4:00 pm 0 comment

දමන සමූහ - කේ.ඒ. මෛත්‍රී­පාල

අම්පාර ප්‍රදේ­ශ­යට පැවති අධික වැසි සහිත අව­ස්ථාවේ දමන කොට්ඨා­සයේ විදුලි රැහැන් කණු­ව­ලට වන­අලි පහ­රදී කඩා දමා තිබුණු අතර ඒවා යළි යථා­වත් කිරී­මට පසු­ගි­යදා අම්පාර විදු­ලි­බල මණ්ඩ­ලය විසින් පිය­වර ගනු ලැබීය.

දමන කොට්ඨා­සයේ මරි­යා­කන්ද ප්‍රදේ­ශයේ ගැව­සෙන වල්අ­ලි­න්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි­යකු විසින් විදුලි රැහැ­නක් ඇදතිබෙනු දුටු අලි­යකු එයට බියවී ඒ අසල තිබුණු විදුලි කණු­ව­කට පහ­රදී පෙරළා දමා කුඹු­රට ඇතුළු වී තිබිණි.

මෙය තෙකලා විදුලි රැහැන් මාර්ග­යක් වූ අතර අව­දා­නම් අයු­රින් විදු­ලිය සැප­යීම මාස එක­හ­මා­රක් පමණ සිදු­කළ බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. මේ අතර හිඟු­රාණ මල­යාඩි ප්‍රදේ­ශයේ තවත් විදුලි කණු­වක් අලි­යකු පහ­රදී පෙරළා දමා තිබිණි.

පන්න­ල්ගම ප්‍රදේ­ශයේ ද මෙසේ විදුලි කණු­ව­ලට අලින් පහර දී ඇත.

මෙම විදුලි කණු යථා­වත් කිරී­මට මෙතෙක් කල් ප්‍රමාද වී ඇත්තේ ප්‍රදේ­ශයේ පැවති අධික වර්ෂාව හේතු­වෙන් එම අතුරු මාර්ග මඩ වීමෙන් බවත් විදුලි කණු ප්‍රවා­හ­නය කිරී­මට පැවති බාධා හේතු­වෙන් බවත් විදු­ලි­බල මණ්ඩ­ලයේ උසස් නිල­ධා­රි­යකු පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT