Home » බළපිටිය රෝහලට ආ රෝගීන් බොරු ලිපින-දුරකතන අංක දීලා

බළපිටිය රෝහලට ආ රෝගීන් බොරු ලිපින-දුරකතන අංක දීලා

by damith
March 17, 2025 4:00 pm 0 comment

අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත්

ව්‍යාජ ලිපි­න­යන් සහ දුර­ක­තන අංක ඇතුළු තොර­තුරු ලබා දී ඇතු­ළත් කරන විය­පත් රෝගීන් සුව වූ පසු ගෙන­යා­මට කිසි­වකු ඉදි­රි­පත් නොවීම හේතු­වෙන් බළ­පි­ටිය මූලික රෝහලේ පාලන කට­යු­තු­ව­ලට මහත් බාධා­වක් වී ඇති බව රෝහල් වෛද්‍ය අධි­කාරි වෛද්‍ය වෙනුර කේ. සිංගා­රච්චි මහතා පව­සයි.

“වය­සක රෝගීන්, බාහිර රෝගී අංශ­යෙන් ඇතු­ළත් කරන විට භාර­ක­රු­වන් ව්‍යාජ ලිපි­න­යන් ද, වෙනත් කෙනෙ­කුගේ නමක් සහ දුර­ක­තන අංක ද ලබා දී යනවා. රෝගීන් සුව වී ටිකට් කැපූ­විට ගෙන­යන්න කිසි­වකු එන්නේ නැහැ. දව­ස­කට රෝගීන් හාර දහ­සක් පමණ දෙනා ඇතු­ළත් වෙනවා. එවැනි රෝගීන් ගණ­නා­වක් හිටි­යම රෝහලේ කට­යු­තු­ව­ලට මහත් බාධා­වක්. පොල්වත්ත, ඉඳු­රුව සහ මාදම්පේ යන පර්යන්ත රෝහ­ල්ව­ලට යැව්වත් ටික දව­ස­කින් ආපසු බළ­පි­ටිය රෝහ­ල­ටම එව­නවා. රෝගියා එහෙට මෙහෙට යන එක විත­රයි වෙන්නේ. මේ පිළි­බ­ඳව පරි­පා­ලන ග්‍රාම නිල­ධා­රි­යා­ටත්, පොලී­සි­ය­ටත් දැනුම් දෙනවා” පොලී­සිය විසින් ඇතුළු කරන විට දුන් ලිපි­න­වල පදිංචි අය ගෙන්වා විම­සන විට ඒ අය ඇතු­ළත් කළේ නැහැ කියල කිය­නවා. සෑම රෝහ­ල­ක­ටම මේ ප්‍රශ්නය තිබෙ­නවා” යැයි ද අධි­කා­රි­ව­රයා පැව­සීය. තව­දු­ර­ටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය. “බාහිර රෝගී අංශය නවී­ක­ර­ණය කර පහ­සු­කම් සැල­සී­මට සැල­සුම් සකස් කර තිබෙ­නවා. ඒ සඳහා රුපි­යල් මිලි­යන තුනක මුද­ලක් වෙන් වී තිබෙ­නවා. වැසි­කිළි පද්ධ­තිය උතුරා යන අතර ඒ සඳහා රුපි­යල් මිලි­යන හතක මුද­ලක් වෙන් වී තිබෙ­නවා. වායු සමී­ක­රණ කට­යුතු සඳහා ද මුදල් වෙන් වී තිබෙ­නවා. ඖෂධ ගබ­ඩාව සහ ශල්‍ය ගබ­ඩාව ඉදි­කර තිබෙන්නේ අඩක් පම­ණයි.

මෘත ශරී­රා­ගා­රය පිහිටා තිබෙ­නුයේ රෝහලේ පිටු­පස තාප්පය ළඟයි. එතැන සුදුසු පරිදි බෝක්කු­වක් නැති­ක­මින් අප­ජ­ලය උතුරා යනවා. ඒ ඉදි­රි­පිට නිවෙස ඉදි­රියේ අප­ජ­ලය රැඳී තිබී­මෙන් ඒ ජන­තා­වත් අප­හ­සු­තා­වට පත්වෙලා. ඇතැම් කොන්ත්‍රා­ත්ක­රු­වන් නිය­මිත පරිදි ඉදි­කි­රීම් නිම කර නැහැ” යනු­වෙන් වෛද්‍ය අධි­කා­රි­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT