Home » පාසල් දරු­වන්ට පොත් දෙන්න හිමිනමක් පිණ්ඩ­පාත චාරි­කා­වේ

පාසල් දරු­වන්ට පොත් දෙන්න හිමිනමක් පිණ්ඩ­පාත චාරි­කා­වේ

by damith
March 17, 2025 4:03 pm 0 comment

සිරි­පුර සමූහ මදු­ශානි අබේ­සිංහ

පොලො­න්න­රුව, වැලි­කන්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ දුෂ්කර පාස­ල්වල ආර්ථික අප­හ­සුතා මැද අධ්‍යා­ප­නය හදා­රන සිසු සිසු­වි­යන්ට අවශ්‍ය පොත්පත් සහ පාසල් උප­ක­රණ ලබා­දීමේ අර­මු­ණින් වැලි­කන්ද සෙව­ණ­පි­ටිය ශ්‍රී සම්බෝධි කාශ්‍ය­පා­රා­මා­ධි­පති කවි බණ දේශක, උහු­මියේ සුම­න­ර­තන නාහි­මියෝ ඊයේ (16) පාසල් උප­ක­රණ එකතු කිරීම සඳහා වැලි­කන්ද නග­රයේ පිණ්ඩ­පාත චාරි­කා­වක නිරත වූහ.

වැලි­කන්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මවු­පි­යන් දැඩි ආර්ථික අප­හ­සුතා මැද ජීව­ත්වන අතර ඔවුන්ගේ දූ දරු­වන්ට පාසල් යැවීම සඳහා පාසල් පොත් මෙන්ම උප­ක­රණ නොමැති නිසා දැඩි අසී­රු­තා­වට පත්ව සිටින හෙයින් තමන් අඛ­ණ්ඩව මෙම පිණ්ඩ­පාත චාරිකා පින්කම සිදු කරන බව සුම­න­ර­තන නාහි­මියෝ සඳ­හන් කළහ.

පිණ්ඩ­පාත චාරි­කා­වක නිර­තව දායක කාර­කා­දීන් විසින් ලබා­දුන් පළමු පොත් සහ පාසල් උප­ක­රණ තොගය එළ­ඹෙන 23 වැනිදා වැලි­කන්ද ලුම්බිණි ප්‍රාථ­මික විද්‍යා­ලය ඇතුළු විද්‍යාල කිහි­ප­යක දරු­වන් 300ක පිරි­ස­කට පරි­ත්‍යාග කිරී­මට කට­යුතු කරන බවද සුම­න­ර­තන නාහි­මියෝ සඳ­හන් කළහ. එදි­නට කවි බණ දේශක අල­ව­තුරේ විජි­ත­වංශ කාව්‍ය ශූරීන්ගේ දේශ­න­යක් සිදු­කි­රී­මට ද නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT