Monday, April 21, 2025
Home » ලක්ෂ විසි එකක හෙරො­යින් සමඟ අයෙක් කොටු

ලක්ෂ විසි එකක හෙරො­යින් සමඟ අයෙක් කොටු

by damith
March 17, 2025 4:03 pm 0 comment

අනු­රා­ධ­පුර අති­රේක අමිල ප්‍රභාත් වන­සිංහ

අනු­රා­ධ­පුර, තිසා වැව, නීරා­විය ප්‍රදේ­ශ­යේදී රුපි­යල් ලක්ෂ විසි එකක පමණ වටි­නා­ක­ම­කින් යුතු ග්‍රෑම් සිය­ය­කට ආසන්න හෙරො­යින් සමඟ අවු­රුදු හත­ළිස් එකක් පමණ වය­සැති එම ප්‍රදේ­ශ­යේම පුද්ග­ල­යකු අනු­රා­ධ­පුර පොලී­සියේ කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය මඟින් ඉකුත් 14 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අනු­රා­ධ­පුර පොලී­සි­යට ලැබුණු තොර­තු­ර­කට අනුව එම ප්‍රදේ­ශ­යේදී සිදු කළ විම­ර්ශ­න­ය­කදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ උප­දෙස් මත පොලිස් කොට්‌ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නුවන් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර තිබේ. සැක­කරු සහ ත්‍රිරෝද රථය අනු­රා­ධ­පුර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT