අනුරාධපුර, තිසා වැව, නීරාවිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ විසි එකක පමණ වටිනාකමකින් යුතු ග්‍රෑම් සියයකට ආසන්න හෙරොයින් සමඟ අවුරුදු හතළිස් එකක් පමණ වයසැති එම ප්‍රදේශයේම පුද්ගලයකු අනුරාධපුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේදී සිදු කළ විමර්ශනයකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු සහ ත්‍රිරෝද රථය අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.