Home » අක්මී­මන ගෙව­ත්තක අවි ආයුධ තොග­යක් සමඟ සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට

අක්මී­මන ගෙව­ත්තක අවි ආයුධ තොග­යක් සමඟ සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට

by damith
March 17, 2025 4:05 pm 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ අක්මී­මන විශේෂ - සුනිල් ගමගේ හික්ක­ඩුව සමූහ - බුද්ධික වීර­සිංහ

අක්මී­මන, කපු­හෙ­ම්පොළ ප්‍රදේ­ශයේ ගෙව­ත්තක සඟවා තිබූ ගිනි­අවි තොග­යක් සමඟ සැක­ක­රු­වකු බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් ඉකුත්දා අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

පොලී­සි­යට ලැබුණ තොර­තු­ර­කට අනුව කරන ලද මෙම වැට­ලී­මේදී සැක­කරු පදිංචි නිවෙස පිහිටි ගෙවත්තේ පස් කණ්ඩි­යක ගුහා­වක් වැනි තැනක සඟවා තිබූ තුවක්කු 4ක්, රිවෝ­ල්වර 2ක්, පිස්තෝල 1ක්, පත­රොම් තුවක්කු සඳහා යොදන උණ්ඩ 48ක්, කඩු 3ක්, කිණිසි 5ක් සහ දුර­ද­ක්න­යක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම සැක­කරු 72 හැවි­රිදි අයෙකි. මොහු කලක් ඉතා­ලියේ රැකි­යා­වක නිර­තව සිටි අයකු බව ද විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. මොහු මෙම ගිනි­අවි, ඉතා­ලි­යෙන් මෙර­ටට ගෙන්ව­න්නට ඇතැයි පොලී­සිය සැක කරයි.

බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සය භාර නියෝජ්‍ය පොලි­ස්පති ගයංග මාර­පන මහ­තාගේ උප­දෙස් මත මේ පිළි­බද වැඩි­දුර පරී­ක්ෂණ පැවැ­ත්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT