Home » නිල්වලා ගඟ පිරිසුදු කිරීමේ “SAVE NILWALA” ව්‍යාපෘ­තිය ඇරඹේ

නිල්වලා ගඟ පිරිසුදු කිරීමේ “SAVE NILWALA” ව්‍යාපෘ­තිය ඇරඹේ

දෙදි­ය­ගල රක්ෂි­තය ආශ්‍රිත සංචා­රක කලා­ප­යක් කිරී­ම­ටත් පිය­වර

by damith
March 17, 2025 3:07 pm 0 comment

අකු­රැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු

නිල්වලා ගඟ පිරිසුදු කිරීමේ “SAVE NILWALA“ ව්‍යාපෘ­තිය, මාතර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති, කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඉකුත් 13 වැනි දින අකු­රැස්ස ප්‍රදේ­ශ­යෙන් ආරම්භ කෙරිණි.

මිනිස් ක්‍රියා­කා­ර­කම් හමුවේ අප­විත්‍ර වෙමින් පව­තින නිල්වලා ගඟ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පිරි­සුදු කොට පානීය ජලයේ ගුණා­ත්මක භාවය ඉහළ නැංවීම හා සංචා­රක කර්මා­න්තය ඉහළ නැංවීම අර­මු­ණු ­ක­ර­ග­නි­මින් මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැංවේ. විශේ­ෂ­යෙන්ම අධික වර්ෂාව පව­තින දින­යන්හි දෙදි­ය­ගල හා තදා­සන්න ප්‍රදේ­ශ­ව­ලට ඇද­හැ­ලෙන වර්ෂාව හේතු­වෙන් දිඟිලි ඔය පිටාර ගල­මින් ඇති­වන ගංව­තුර තත්ත්වය පාල­නය කර ගැනී­මට නිල්වලා ගඟ පිරිසුදු කිරීම මනා පිටු­ව­හ­ලක් වේ. ඒ තුළින් කඩි­න­මින් ජලය බැස­යා­මට සැලැ­ස්වීම SAVE NILWALA ව්‍යාපෘ­තියේ මූලික අර­මු­ණු­ව­ලින් එකකි.

මෙදි­නම අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් දෙදි­ය­ගල ප්‍රදේ­ශය කේන්ද්‍ර­කර ගනි­මින් දේශීය හා විදේ­ශීය සංචා­ර­ක­යින්ගේ ආක­ර්ෂ­ණ­යට ලක්වෙන අයු­රින් සකස් කෙරෙන අකු­රැස්ස දෙදි­ය­ගල මූලික කර­ගත් සංචා­රක කලා­ප­ ව්‍යාපෘ­තිය ද ආරම්භ කිරී­මට කට­යුතු කෙරිණ.

දැන­ට­මත් ප්‍රදේ­ශ­වා­සීන්ගේ මැදි­හ­ත්වී­මෙන් සුළු වශ­යෙන් පව­ත්වා­ගෙන යන දෙදි­ය­ගල රක්ෂි­තය ආශ්‍රිත සංචා­රක කලා­පය නිසි සැලැ­ස්මක් යටතේ සංව­ර්ධ­නය කොට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ලබා­දී­ම­ටත්, ගම්වාසී ජන­තාව සංචා­රක ව්‍යාපා­ර­යට සම්බන්ධ කර ගනි­මින් ගම්වා­සීන්ට ප්‍රති­ලාභ ලබා­දී­මට මෙම ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් අකු­රැස්ස ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යේදී පැවැති සාක­ච්ඡා­වේදී තීර­ණය කෙරිණි.

මෙම සංචා­රක කලා­ප­යට යෝජිත ග්‍රාම සේවා වසම් වන දෙදි­ය­ගල, ලේනම උතුර, ලේනම දකුණ, හුලං­දාව, දොළ­මා­වත, ඇහැ­ළපේ, කොහු­ගොඩ, දිග­න­හේන හා ගම්වා­සීන් මෙම ව්‍යාපෘ­ති­යට සම්බන්ධ කර ගැනීම පිළි­බ­ඳව සාකච්ඡා කෙරිණි.

අකු­රැස්ස ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ මැදි­හත් වීමෙන් නිර්මා­ණය කරන ලද https://dediyagalanaturetours.com/ නමැති වෙබ් අඩ­විය අමා­ත්‍ය­ව­රයා විසින් අන්ත­ර්ජා­ල­යට මුදා­හ­රි­මින් සංචා­රක කලා­පයේ ආර­ම්භය සනි­ටු­හන් කිරීම විශේ­ෂ­ත්ව­යකි.

වසර ගණ­නා­වක් අකු­රැස්ස ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ අකු­රැස්ස සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පව­තින තත්ව­යන් මැන­වින් දත්, වර්ත­මාන මාතර දිස්ත්‍රික් ලේකම් / දිසා­පති චන්දන තිල­ක­රත්න මහතා ප්‍රමුඛ ප්‍රධාන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය, මාතර දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ සම්බ­න්ධී­ක­රණ ඒක­කය, අකු­රැස්ස ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, අතු­ර­ලිය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, පොලී­සිය, යුද හමු­දාව, අකු­රැස්ස මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක කාර්යා­ලය, ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යා­ල­යන්හි නිල­ධා­රීන් සමඟ සේව් නිල්වලා පද­නම, ප්‍රදේ­ශ­වා­සීන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT