Monday, April 21, 2025
Home » රුහුණු කත­ර­ගම දේවාල අර­මු­ද­ලෙන් අස­රණ සරණ මිනි­සුන්ට උප­කාර කරන්න නව වැඩ­ස­ට­හ­නක්

රුහුණු කත­ර­ගම දේවාල අර­මු­ද­ලෙන් අස­රණ සරණ මිනි­සුන්ට උප­කාර කරන්න නව වැඩ­ස­ට­හ­නක්

by damith
March 17, 2025 4:03 pm 0 comment

කත­ර­ගම සංචා­රක - කේ.ඩී. දේව­ප්‍රිය

ඓති­හා­සික රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ අර­මු­ද­ලෙන් විවිධ සත්කාර බොහො­ම­යක් මේ වන­විට ක්‍රියා­ත්මක කර තිබේ. එම වැඩ­ස­ට­හන් අතර නව වැඩ­ස­ට­හ­නක් ලෙස ශ්‍රී ලංකාව පුරා සිටින පිහි­ටක් අවැසි අස­රණ මිනි­සුන් වෙනු­වෙන් “කඳ දෙව් සරණ” යාත්‍රාව කත­ර­ග­මින් ආරම්භ කර තිබේ.

වීදි තුළ ජීව­ත්වන යාචක පුද්ග­ල­යන් හඳු­නා­ගෙන ඔවුන්ට තිබෙන රෝග වැනි දේවල් සඳහා ප්‍රති­කාර සිදු කිරී­මත්, නාවා පිරි­සුදු කර නව ඇඳුම් අන්දවා මෙම පිරිස් සඳහා උප­කාර කිරී­මත් මෙම නව වැඩ­ස­ට­හනේ අර­මු­ණයි.

රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහ­තාගේ සංක­ල්ප­යක් මත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හ­නට අනුව මෙම වැඩ­ස­ට­හන දියත් කෙරේ.

ඇස නෙගැ­සෙන, අස­රණ වූ යාචක පිරිස් සඳහා මෙම සත්කාර වැඩ­ස­ට­හන දිව­යින පුරා සිදු කරන බව බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේය. එහි ආර­ම්භය සනි­ටු­හන් කර­මින් කත­ර­ගම නග­රයේ පොදු ස්ථාන­වල සිටින අස­රණ මිනි­සුන්, ආබා­ධිත පිරි­සක් සහ­භාගි කර­ගෙන මෙම වැඩ­ස­ට­හන කත­ර­ගම බස් නැව­තු­ම්පොළ භූමි­යේදී ආරම්භ කෙරිණි. කත­ර­ගම දේවා­ලය සතුව ඇති රථ­යක් මේ සඳහා යොදා­ගෙන ඔවු­නට අවශ්‍ය වෛද්‍ය ප්‍රති­කාර සඳහා යොමු­කර සනී­පා­ර­ක්ෂක අව­ශ්‍යතා, කොණ්ඩා කැපීම, අවශ්‍ය රෙදි පිළි ලබා­දීම, බෙහෙත් ලබා­දීම සිදු කරයි.

මෙම වැඩ­ස­ට­හන සඳහා කත­ර­ගම දිසා රෝහලේ කාර්ය මණ්ඩ­ලයේ සියලු දෙනාගේ සහ­යෝ­ගය සහ කත­ර­ගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යා­ලයේ ප්‍රධාන වෛද්‍ය අජිත් කුමාර මහතා ඇතුළු නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය මෙන්ම කත­ර­ගම පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒක­කයේ සහ­යෝ­ගය ද මෙම කර්ත­ව්‍යය සාර්ථක කර­ගැ­නීම සඳහා ලැබී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT