Wednesday, March 26, 2025
Home » වතුර මෝටර්-යකඩ බට ඉස්සූ හොරු බඩුත් එක්ක මාට්ටු

වතුර මෝටර්-යකඩ බට ඉස්සූ හොරු බඩුත් එක්ක මාට්ටු

by damith
March 17, 2025 4:00 pm 0 comment

කළු­තර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

රුපි­යල් හැට­ද­හ­සක් වටිනා වතුර මෝට­ර­යක් හා යකඩ බට සොර­කම් කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් බුල­ත්සිං­හල පොලී­සිය සැක­රු­වන් දෙදෙ­නකු සොරා ගත් භාණ්ඩ ද සමග අත්අ­ඩං­ගු­වට ගෙන ඇත .

මෙම දේපොළ සොරා ගත් බව කියන බුල­ත්සිං­හල, අතුර ප්‍රදේ­ශයේ පදිංචි 43 හැවි­රිදි අයකු ද ,සොර බඩු ළඟ තබා ගත් බව කියන පහළ වෙල්ගම ප්‍රදේ­ශයේ පදිංචි 38 හැවි­රිදි අයකු ද මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. බුල­ත්සිං­හල, විදා­න­ගේ­වත්ත පාරේ පදිංචි සේද­වත්ත ගමගේ ලක්ෂ්මන් ප්‍රසාද් මදු­පි­යල් කුල­ව­ර්ධන (45) යන අය විසින් පොලී­සි­යට කරන ලද පැමි­ණි­ල්ලට අනුව පොලී­සිය පරී­ක්ෂණ ආරම්භ කර තිබූ අතර, බුද්ධි අංශ පොලිස් කොස්තා­පල් (30940) වන්නි­නා­යක මහ­තාට ලද තොර­තු­රක් මත මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

සැක­ක­රු­වන් ඊයේ (16) මතු­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි. මතු­ගම පොලී­සිය මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT