පානදුර, පින්වත්ත සහ අවට ප්රදේශවල ඊසි කෑෂ් ක්රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පෙම් යුවළක් රුපියල් ලක්ෂ 10කට ආසන්න හෙරොයින් මත්කුඩු, යතුරුපැදියක්, ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර පිංවල සහ කළුතර ප්රදේශයේ පදිංචි 21 සහ 20 හැවිරිදි පෙම් යුවළකි. පොලිස් විශේෂ කාර්යාංශය සහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා වැටලීම් කර හෙරොයින් ජාවාරම සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම යුවළ පානදුර සහ අවට ප්රදේශවල ඊසි කෑෂ් ක්රමයට කාලයක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවට සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.