මතුගම කලාපයීය 2025 වසරේ ගණිතය ‘දැලිස’ එකතු කිරීම තරගයේ දමිළ මාධ්‍යයේ ප්‍රථම ස්ථානය බප/ මතු/ මිරිස්වත්ත දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ නෙරංජන් ජස්වින් සිසුවා හිමි කරගෙන තිබේ.
ඔහුගේ දක්ෂතා ඇගයීමක් සහ දිරිමත් කිරීමක් පසුගියදා (12) මිරිස්වත්ත දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේදී පැවැති අතර, එහිදී විශේෂ කුසලානයක් ප්රදානය කිරීම ද සිදු විය. බප/මතු/ වලගෙදර ජාතික පාසලේ හිටපු විදුහල්පති, ලූල්බද්දුව ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්මරණ පදනමේ සභාපති විමල් වික්‍රමතන්ත්‍රී මහතා අතින් කුසලානය ප්රදානය කෙරිණි.
විදුහල්පති ඒ.සී.එම්. රිෆ්කාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පාසලේ කාර්ය මණ්ඩලය, මවුපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.