Home » ‘බඩෝ­විට අසං­කගේ’ මෙරට අප­රාධ මෙහෙ­ය­වන්නා ඇතුළු 2ක් අල්ලයි

‘බඩෝ­විට අසං­කගේ’ මෙරට අප­රාධ මෙහෙ­ය­වන්නා ඇතුළු 2ක් අල්ලයි

ලක්ෂ 30ක මත්ද්‍රව්‍ය හා වායු රයි­ප­ල­ය­කුත් පොලිස් භාර­යට

by damith
March 17, 2025 4:08 pm 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

විදේ­ශ­ග­තව සැඟව සිටින පාතාල කල්ලි නාය­ක­යකු සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන බඩෝ­විට අසංක නමැ­ත්තාගේ උප­දෙස් මත මෙරට අප­රාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවා­රම මෙහෙ­ය­වන ප්‍රධාන පුද්ග­ලයා සහ තවත් අයකු අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­සය පැව­සීය.

එම සැක­ක­රු­වන් දෙදෙනා සමඟ රුපි­යල් ලක්ෂ 30කට ආසන්න වටිනා අයිස් සහ ‍ෙහ‍ෙරා­යින් මත්කුඩු, වායු රයි­ප­ල­යක්, ජංගම දුර­ක­තන දෙකක් සහ ත්‍රිරෝද රථ දෙකක් ද පොලිස් භාර­යට ගෙන ඇත. බඩෝ­විට අසංක නමැ­ත්තාගේ සමී­ප­ත­ම­යකු පාතාල කල්ලි සාමා­ජි­ක­යන් වන කොස් මල්ලි සහ සමන්ත යන පුද්ග­ල­යන්ගේ සාමා­ජි­ක­ය­න්ගෙන් එල්ල­වන ජීවිත තර්ජන හේතු­වෙන් සැඟව සිටින බවත්, එම පුද්ග­ලයා දෙහි­වල ප්‍රදේ­ශයේ සිදු වූ අප­රාධ කිහි­ප­ය­කට සම්බන්ධ අයකු බවත් බස්නා­හිර පළාත් දකුණු දිසාව අප­රාධ කොට්ඨා­සය වෙත ලද තොර­තු­ර­කට අනුව එම සැක­කරු සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­න­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස පොලිස් සැර­යන් 40730 ධනුෂ්ක නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව සැක­කරු ත්‍රිරෝද රථ­ය­කින් යමින් සිටි­යදී පිට­කෝට්ට ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කරු පරීක්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 10,250ක් සොයා ගැනී­මට හැකි වී ඇත. සැක­කරු පොලී­සි­යට රැගෙන ඒමෙන් අන­තු­රුව රැඳ­වුම් නියෝග ලබා­ගෙන සිදු­කළ දීර්ඝ ප්‍රශ්න කිරී­මේදී ප්‍රති­වි­රුද්ධ කල්ලි­ව­ලින් එල්ල වන ජීවිත තර්ජන හේතු­වෙන් හා දෙහි­වල පොලිස් වසමේ නිවෙ­ස­කට පහ­රදී රුපි­යල් ලක්ෂ දොළ­හ­කට අධික දේපො­ළ­ව­ලට අන­ර්ථ­යක් සිදු කිරී­මත්, රුපි­යල් ලක්ෂ පහ­කට ආසන්න ජංගම දුර­ක­තන කොල්ල­කෑ­මත් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයන බැවින් මහ­ර­ගම සපු­මල් පෙදෙසේ දෙම­හල් නිවෙ­සක් කුලී පද­නම මත ලබා­ගෙන සැඟව සිටින බව අනා­ව­ර­ණය කර තිබිණි.

එකී නිවෙ­සට මාසික කුලී මුදල වන රුපි­යල් 60,000ක මුදල බඩෝ­විට අසංක නමැත්තා ලබා­දෙන බව සැක­ක­රු­ගෙන් අනා­ව­ර­ණය වීමෙන් අන­තු­රුව එම නිවෙස සෝදිසි කිරී­මේදී එහි සඟවා තිබූ වායු රයි­ප­ලය සොයා ගත් බවද පොලී­සිය කීය. පොලී­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ, සැක­ක­රු­ගෙන් අනා­ව­ර­ණය වූ කරුණු මත බඩෝ­විට අසං­කගේ මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ග­ලයා ද දෙහි­වල නැදි­මාල ප්‍රදේ­ශ­යේදී හෙරො­යින් මත්කුඩු ග්‍රෑම් 30යි මිලි­ග්‍රෑම් 30ක් සමඟ එම ප්‍රදේ­ශ­යේ­දීම අත්අ­ඩං­ගු­වට ගත් බවයි. සැක­ක­රු­වන් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT