94
තීරුබදු නොගෙවා මෙරටට ගෙන එනු ලැබූ විදේශීය දුම්වැටි 5,210ක් සමඟ එක් පුද්ගලයකු රත්මලාන, බංගලාව පාර ප්රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ බව ගල්කිස්ස පොලීසිය පැවසීය.
සැකකරු හෙම්මාතගම පදිංචිව සිටින වයස අවුරුදු 38ක් වන, ගාලුපාර අංක 487 දරන ස්ථානයේ ව්යාපාරික ස්ථානයක් පවත්වාෙගන යමින් මෙලෙස තීරුබදු නොගෙවා තොග වශයෙන් රැගෙන එන දුම්වැටි තොග හා සිල්ලර වශයෙන් අලෙවියේ නියුතුව සිටින අයකු බවද අනාවරණය වී තිබේ.