රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කරගෙන යෑමට තැත් කළ ගුවන් මගියකු පෙරේදා (15) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.මෙම පුද්ගලයා 28 හැවිරිදි කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකි. බහරේන් සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්. – 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මෙම පුද්ගලයා ඔහු විසින් රැගෙන එන ලද ගමන් මලු 2ක් තුළ විදේශීය නිෂ්පාදිත ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 30,000ක් අඩංගු දුම්වැටි කාටූන් 150ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.
ලක්ෂ 45ක රට සිගරැට් එක්ක ගුවන් මගියා රේගු දැලේ
by damith
March 17, 2025 4:09 pm
0 comment
කටුනායක-ටී.කේ.ජී. කපිල
106