Home » ලක්ෂ 45ක රට සිග­රැට් එක්ක ගුවන් මගියා රේගු දැලේ

ලක්ෂ 45ක රට සිග­රැට් එක්ක ගුවන් මගියා රේගු දැලේ

by damith
March 17, 2025 4:09 pm 0 comment

කටු­නා­යක-ටී.කේ.ජී. කපිල

රුපි­යල් ලක්ෂ හත­ළිස් පහක් වටිනා විදේ­ශීය දුම්වැටි තොග­යක් නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙ­න­විත් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ හරිත මාවත ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත් කළ ගුවන් මගි­යකු පෙරේදා (15) ගුව­න්තො­ටු­පොළ රේගු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගැනිණි.මෙම පුද්ග­ලයා 28 හැවි­රිදි කඩ­වත ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. බහ­රේන් සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්. – 144 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණි මෙම පුද්ග­ලයා ඔහු විසින් රැගෙන එන ලද ගමන් මලු 2ක් තුළ විදේ­ශීය නිෂ්පා­දිත ‘ප්ලැටි­නම්’ වර්ගයේ දුම්වැටි 30,000ක් අඩංගු දුම්වැටි කාටූන් 150ක් සඟ­වා­ගෙන සිටි­යදී රේගු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ. සිද්ධිය පිළි­බද වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT