Monday, April 21, 2025
Home » පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

by damith
March 17, 2025 4:05 pm 0 comment

ජනතා සිත්හි බර අව­සන් වන්නේ බට­ලන්දේ ප්‍රධාන වධ­කයා ඇතුළු අප­රා­ධ­ක­රු­වන්ට දඬු­වම් දීමෙන්

ඇමැති බිමල් රත්නා­යක බට­ලන්ද කොමි­ෂන් සභා වාර්තාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­මින් කියයි

1989දී රෝහණ විජේ­වීර සහෝ­ද­රයා ඇතුළු දස දහස් ගණ­නක් ඝාත­නය සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ සිත් සතන්හි ඇති බර අව­සන් කළ හැකි වන්නේ මුළු රටම එකම විසාලා මහ­නු­ව­රක් කළ බට­ලන්දේ ප්‍රධාන වධ­කයා ඇතුළු ප්‍රධාන අප­රා­ධ­ක­රු­වන්ට නීති මඟින් කට­යුතු කිරී­මෙන් පම­ණක් යැයි සභා­නා­යක, අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගි­යදා (14) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ බට­ලන්ද කොමි­ෂන් සභා වාර්තාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­මිනි.

ජනා­ධි­පති කාර්යා­ලයේ අඳුරු කාම­ර­යක සිර­ගත වූ බට­ලන්ද හිරු එළිය දුටු බවත් එව­කට සිටි පාල­ක­යන් විසින් කෙත­රම් තදින් වළලා දම­න්නට උත්සාහ කළ ද කෙත­රම් තදින් ඉති­හා­සය විකෘති කර ලියා තිබුණ ද ඉති­හා­සය වළලා දැමීමේ හැකි­යා­වක් නොමැති බවත් සභා­නා­ය­ක­ව­රයා අව­ධා­ර­ණය කළේය.

1987 – 1990 සිවිල් යුද වක­වා­නු­වේදී ඒකා­ධි­පති භීෂ­ණ­කාරී ආණ්ඩුවේ මැදි­හ­ත්වී­මෙන් කරන ලද දහ­ස­කුත් එකක් අප­රාධ අත­රින් බට­ලන්දේ පව­ත්වා­ගෙන යන ලද මහා පරි­මාණ ඝාත­කා­ගා­ර­යක් පිළි­බඳ සිදු කරන ලද ජනා­ධි­පති කොමි­ෂන් වාර්තාව පිළි­බඳ මේ වන විට ජාතික හා ජාත්‍ය­න්තර උන­න්දු­වක් ඇති වී තිබෙන බව ද බිමල් රත්නා­යක මහතා පැව­සීය.

මෙරට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෘත්තීය සමිති, ජන­මා­ධ්‍ය­වේ­දීන්, ශිෂ්‍ය සංගම්, සාහි­ත්‍ය­වේ­දීන්, ආග­මික නාය­ක­යන් මර්ද­නය කර­මින් පැමිණ 1983 කළු ජූලි­යේදී දෙමළ ජන­තා­වට එරෙහි ජාති­වාදී සංහා­ර­යක් එව­කට පැවති ආණ්ඩුවේ නාය­ක­ත්ව­යෙන්ම මෙහෙ­යවා රට දශක තුනක සිවිල් යුද්ධ­ය­කට ඇද දැමූ බවත් හෙතෙම පැව­සීය.

බට­ලන්ද කොමි­ෂන් සභා වාර්තාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ සභා­නා­යක, අමාත්‍ය බිමල් රත්නා­යක මහතා දැඩි ලෙස සංවේදී ආකා­ර­යෙන් සිය අද­හස් දැක්වූ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැ­ති­වරු ද දැඩි සංවේ­ග­ය­කින් යුතුව එම කතා­වට සව­න්දෙනු දක්නට ලැබිණි. එමෙන්ම එම අව­ස්ථාවේ මුල­සුන දැරූ කථා­නා­යක, වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ද දැඩි ලෙස සංවේදී වූ අතර ඒ මහතා කඳුළු සලන ආකා­රය ද දක්නට ලැබිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­නා­යක, අමාත්‍ය බිමල් රත්නා­යක මහතා මෙසේ ද පැව­සීය.

ජාතික වශ­යෙ­නුත් ජාත්‍ය­න්තර වශ­යෙ­නුත් සැල­කිය යුතු සංවා­ද­යක් ඇති වී තිබෙන “බට­ලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳ­වුම් ස්ථාන හා වධ­කා­ගාර පිහි­ටුවා පව­ත්වා­ගෙන යෑම පිළි­බඳ පරී­ක්ෂණ කොමි­ෂන් සභාවේ වාර්තාව” පිළි­බඳ ජනා­ධි­ප­ති­තුමා ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලයේ ස්ථාව­රය ප්‍රකාශ කිරී­මට අව­ස්ථා­වක් ලබා දීම පිළි­බඳ ඔබ­තු­මාට ස්තූති­වන්ත වෙනවා.

1977දී හයෙන් පහක බහු­ත­ර­යක් සහි­තව බල­යට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ජන­මත විචා­ර­ණ­ය­කින් තොර­වම විධා­යක ජනා­ධි­පති ක්‍රමය ස්ථාපිත කළා. බල­යට පත්වූ 1977 වස­රේම ශ්‍රී ලංකාවේ දෙමළ ජන­තා­වට හා විරුද්ධ දේශ­පා­ලන පක්ෂ සාමා­ජි­ක­යන්ට එරෙ­හිව දැවැන්ත ප්‍රච­ණ්ඩ­ත්ව­යක් මුදා­හැ­රියා. බලය ලබා­ගෙන වස­රක් ගත­ව­න­වාත් සම­ඟම 1978දී ත්‍රස්ත­වා­දය මර්ද­නය කිරීමේ පනත් වැනි අති­ම­ර්ද­න­කාරී පනත් ගෙන­විත් ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියා­වට නැඟීම ආරම්භ කළා. 1980දී වෘත්තීය අර­ග­ල­යක් කළ රාජ්‍ය සේව­ක­යන් ලක්ෂ­ය­කගේ රැකියා අහෝසි කළා. 1981දී යාප­නයේ පැවති සංව­ර්ධන සභා ඡන්දය අමු අමුවේ මංකො­ල්ල­කෑවා. එහිම ප්‍රති­ඵ­ල­යක් ලෙස යාප­නය පුස්ත­කා­ල­යට ගිනි තබා විනාශ කළා. නිසි කලට පැවැ­ත්විය යුතු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය නොප­වත්වා, ජන­මත විචා­ර­ණ­යක් නමින් ලංකා ඉති­හා­සයේ දූෂි­තම මැති­ව­ර­ණය ලෙස මැති­ව­රණ නිල­ධා­රීන් විසින්ම වාර්තා කරන ලද ජන­මත විචා­රණ මංකො­ල්ල­යක් හරහා පාර්ලි­මේ­න්තුවේ බලය පැහැ­ර­ගෙන තවත් අවු­රුදු හය­කට නීති විරෝ­ධීව දික් කර ගත්තා.

මෙරට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෘත්තීය සමිති, ජන­මා­ධ්‍ය­වේ­දීන්, ශිෂ්‍ය සංගම්, සාහි­ත්‍ය­වේ­දීන්, ආග­මික නාය­ක­යන් මර්ද­නය කර­මින් පැමිණ 1983 කළු ජූලි­යේදී දෙමළ ජන­තා­වට එරෙහි ජාති­වාදී සංහා­ර­යක් එව­කට පැවති ආණ්ඩුවේ නාය­ක­ත්ව­යෙන්ම මෙහෙ­යවා රට දශක තුනක සිවිල් යුද්ධ­ය­කට ඇද දැමුවා.

එවක එජාප ආණ්ඩුවේ ඇමැ­ති­ව­රුන් විසින්ම සිදු කරන ලද කළු ජූලි­යම යොදා­ගෙන ජනතා විමුක්ති පෙර­මුණ ඇතුළු වාමාං­ශික පක්ෂ කිහි­ප­යක් තහ­නම් කර ඒවායේ අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර, ජන­මත විචා­රණ මංකො­ල්ල­යට එරෙහි ජනතා විමුක්ති පෙර­මුණේ නායක රෝහණ විජේ­වීර සහෝ­ද­රයා විසින් ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ වන පරිදි කට­යුතු කළා.

1983න් ආරම්භ කරන ලද නීති විරෝධී, ප්‍රජා­තන්ත්‍ර විරෝධී මර්ද­න­කාරී පාල­නය, ක්‍රම­යෙන් රාජ්‍ය ත්‍රස්ත­වා­දය එකම පාලන ක්‍රමය බවට පත් කර­ගත් මිනී­මරු ඒකා­ධි­පති පාල­න­යක් ලෙස කට­යුතු කළා. එව­කට සිටි පාල­ක­යන් විසින් කෙත­රම් තදින් වළලා දම­න්නට උත්සාහ කළ ද කෙත­රම් තදින් ඉති­හා­සය විකෘති කර ලියා තිබුණ ද ජන­තාව විසින් ජන­තා­වගේ ඉති­හා­සය ලිවීම ආරම්භ කර ඇති යුග­යක් පසු­ගිය සැප්තැ­ම්බර් 21 වැනි­දා­යින් පසු උදා වී තිබෙන බව ඔබ­තුමා ද හොඳින් දන්නා කරු­ණක්.

එම ඒකා­ධි­පති භීෂ­ණ­කාරී 1987-1990 සිවිල් යුද වක­වා­නුවේ එම ආණ්ඩුවේ මැදි­හ­ත්වී­මෙන් කරන ලද දහ­ස­කුත් එකක් අප­රාධ අත­රින් බට­ලන්දේ පව­ත්වා­ගෙන යන ලද මහා පරි­මාණ ඝාත­කා­ගා­ර­යක් පිළි­බඳ සිදු කරන ලද ජනා­ධි­පති කොමි­ෂන් වාර්තාව පිළි­බඳ මේ වන විට ජාතික හා ජාත්‍ය­න්තර උන­න්දු­වක් ඇති වී තිබෙ­නවා.

1977 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරා­ජ­යට පත් කර 1994දී සිදු වූ ආණ්ඩු පෙර­ළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජා­තන්ත්‍ර විරෝධී ඒකා­ධි­පති භීෂ­ණ­කාරී පාල­නය බිඳ දමා, එම දාහත් වස­රක සාප­යට එරෙ­හිව යළි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කිරී­මයි. එම දාහත් වස­රක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්ත­වා­දය විසින් මරා දමන ලද දස දහස් ගණන් ජන­තා­වට යුක්තිය ඉටු කිරී­මයි.

සූරි­ය­කන්ද වැනි සමූහ මිනී වළ­වල් පිළි­බ­ඳව ද බට­ලන්ද ආදි වධ­කා­ගාර පිළි­බ­ඳව ද එව­කට සිටි නාය­ක­යන් ඒ ස්ථාන­ව­ල­ටම ගොස් හෙළි­ද­රව් කිරී­මේදී ජන­තාව බලා­පො­රොත්තු වූයේ යුක්තිය ඉටු කිරී­මයි. තම ආද­ර­ණී­ය­යන්ට සිදු වූයේ කුමක් ද යන්න දැන­ගැ­නී­මයි. එම ඝාත­ක­යන් නීතිය හමු­වට පැමි­ණ­වී­මයි. එම කෲර පාදඩ දේශ­පා­ලන සංස්කෘ­තිය සද­හ­ටම අව­සන් කිරී­මයි.

ඒ අනුව 1995 සැප්තැ­ම්බර් මස 21 වැනි දින, 1948 අංක 14 දරන පරී­ක්ෂණ කොමි­ෂන් සභා පනතේ දෙවන වග­න්තිය ප්‍රකා­ර­වද නැව­තත් 1995 දෙසැ­ම්බර් මස 15 වැනි දින නව අධි­කාරී පත්‍ර­යක් මඟින් ද 1995 දෙසැ­ම්බර් මස 19 වැනි දින අංක 902/8 දරන අති­වි­ශේෂ ගැසට් පත්‍රය මඟින් ද මෙම, “බට­ලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳ­වුම් ස්ථාන හා වධ­කා­ගාර පිහි­ටුවා පව­ත්වා­ගෙන යෑම පිළි­බඳ පර්යේ­ෂණ කොමි­ෂන් සභාව” එව­කට ජනා­ධි­පති චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යගේ නියෝ­ග­ය­කින් ස්ථාපිත කළා.

කොමි­සමේ කාල­සී­මාව වරි­න්වර දීර්ඝ කිරී­මෙන් පසුව එහි අව­සන් වාර්තාව, 1998 මැයි මස 21 වැනිදා එම කොමි­ෂන් සභාවේ ලේකම් ජී.කේ.ජී පෙරේරා මහතා විසින් ජනා­ධි­පති ලේක­ම්ව­රයා අමතා යවා තිබෙන ලිපි­යෙන් සනාථ වෙනවා. මෙම වාර්තා­වත් එයට පද­නම් වූ පිටු දහස් ගණ­නක සාක්ෂි සට­හන් ද වැඩි­පුර සම­න්විත වී තිබෙන්නේ, මෙම වධ­කා­ගාර තුළ අනන්ත වධ­වේ­දනා විඳි එමෙන්ම තමා සාක්ෂි දෙන මොහො­තේදී පවා එම වධ­ක­යන් බල­වත් තන­තු­රු­වල විරා­ජ­මා­නව සිටි­ය­දීත් ඔවුන්ගේ පන්ති මිතු­රන් පැහැ­දි­ලි­වම එකී වධ­ක­යන් රකි­මින් සිටි­ය­දීත් දහස් ගණන් පුද්ග­ල­යන් ජීවිත අන­තුරු සහි­තව සිටි­යදී එම ජීවිත අන­තුරු නොස­ල­ක­මින් මෙම කොමි­ස­මට පැමිණ සාක්ෂි දීමට ඉදි­රි­පත් වූ නිසා බව ඔබ­තුමා හොඳින් දන්නවා.

එමෙන්ම තම පියා, පුතා, සහෝ­ද­රයා, සාහ­සික ලෙස පැහැ­ර­ගෙන ගොස් දෙතිස් වධ දී ඝාත­නය කිරීමේ වේද­නාව හද­වත පතුලේ රඳ­වා­ගෙන, එය සද­හ­ටම අම­තක කිරීමේ අමාරු උත්සා­හ­යක සිටීම මනෝ­රාණී සර­ව­න­මුත්තු ඇතුළු දහස් ගණන් අම්මා­ව­රුන්, පිය­ව­රුන්, දූ දරු­වන්, පෙම්ව­තුන් පෙම්ව­ති­යන්, සොයුරු සොයු­රි­යන් එම තුවා­ලය නැවත නැව­තත් පාරවා ගනි­මින් මෙම කොමි­ෂන් සභා ඉදි­රි­යට පැමිණ ක්ලාන්ත වී වැටෙ­මින් මෙම කොමි­ෂන් මඟින් තම ආද­ර­ණී­ය­යන්ට යුක්තිය ඉටු­වේය යන විශ්වා­ස­යෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබ­තුමා පිළි­ගනු ඇතැයි මම සිත­නවා.

ඒ අනුව බට­ලන්ද කොමි­ෂන් සභාවේ අව­සාන වාර්තාව 1998 මැයි මස 22 වැනි දිනට පෙර දිනක එව­කට ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යට කොමි­ෂන් සභාව මඟින් භාර දී තිබිය යුතු බව පැහැ­දිලි වෙනවා.

එසේ වුවද ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට පවා පිට­ප­තක් යවා ඇති මෙම වාර්තාවේ පිට­ප­තක් ඇය විසින් නීති­ප­ති­ව­ර­යාට යොමු නොකළ හේතුව එව­කට අපැ­හැ­දිලි වුවත් අද අහස සේ පැහැ­දි­ලියි.

එමෙන්ම වර්ෂ 2000 මාර්තු මස 16 වැනි දින රජයේ මුද්‍ර­ණා­ල­යා­ධි­පති අම­ත­මින් ජනා­ධි­පති අති­රේක ලේකම් ඩබ්ලිව්.ජේ.එස් කරු­ණා­රත්න මහතා විසින්ම යවන ලද ලිපි­ය­කින් පැහැ­දිලි වන්නේ, සිංහල පිට­පත් පන්සි­ය­යක් සහ දෙමළ පිට­පත් 250ක් ඇති බවයි.

නමුත් පුදු­ම­යක මහත වන්නේ එම මුද්‍රිත වාර්තා 750න් එකක් හෝ නීති­ප­ති­ව­ර­යාට යොමු කර නැති වීමයි.

එම නිසා මෙම වාර්තාව කැඳවූ අයම එම­ඟින් නිර්දේ­ශිත සැබෑ අප­රා­ධ­ක­රු­වන්ට දඬු­වම් දීම හෝ එහි සඳ­හන් වැද­ගත් නිර්දේශ ක්‍රියා­ත්මක නොකර එය මැති­ව­ර­ණ­ව­ලදී දේශ­පා­ලන පන්දු­වක් ලෙස යොදා­ගත් බව පැහැ­දි­ලියි.

එමෙන්ම කොමි­සමේ ප්‍රධාන චුදි­ත­යාම අල් ජසී­රා­වට ප්‍රකාශ කරන පරිදි එය පාර්ලි­මේ­න්තු­වට හෝ ඉදි­රි­පත් කර නෑ.

ජීවිත අන­තුරු දරා ගනි­මින්, හද­වතේ ගැඹු­රුම තැන්වල පිහිටි තුවාල නැවත නැව­තත් පාරවා ගනි­මින් සාක්ෂි දීමට පැමිණි දස දහස් ගණන් මිනි­සුන්ගේ අති­ශය සාධා­රණ අභි­ලා­ෂ­යන් සහ ගැඹු­රු­තම මානු­ෂීය හැඟීම් පාවා දෙන ලද්දේ, මරා දමන ලද්දේ ඒ අයු­රි­නුයි.

1990 සිට වසර 35ක් ද කොමි­ෂන් සභාව අරඹා වසර තිහක් ද කොමි­ෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර විසි­ප­හක් ද ගතවී ඇති මොහො­තක මාගේ පක්ෂය සහ කැබි­නට් මණ්ඩ­ලය මඟින් මා වෙත පර­පු­රක හෘදය සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­ම­ටත් එය ජන­ගත කිරී­ම­ටත් වග­කීම පවරා තිබෙ­නවා.

අර­ගල කළ පර­පු­රක කඳු­ළුත්, ඔවුන් විඳි මහ­පො­ළොව නුහු­ලන වධ වේද­නා­වල ප්‍රමා­ණය හා සස­ඳද්දී ඒවාට අලගු තැබී­ම­ට­වත් මෙම පිටු දෙසීය අට­කින් යුතු වාර්තා­වට නොහැකි වන බව අපි දන්නවා.

මෙම වාර්තාව මරා දමන ලද යෞව­න­යන්ගේ හා ඔවුන්ගේ ආද­ර­ණී­ය­යන්ගේ වධ වේද­නා­ව­න්ගෙන් හා සුසු­ම්ව­ලින් අංශු­මා­ත්‍ර­යක් නියෝ­ජ­නය කරන වාර්තා­වක් වුව ද එය හැකි තරම් සාධා­ර­ණව සකස් කිරී­මට දායක වූ කොමි­ෂන් සභාවේ සියලු නිල­ධා­රීන් හා එයට සහ­යෝ­ගය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කිරී­මට මෙය අව­ස්ථා­වක් කර ගනිමු.

එමෙන්ම ඉති­හා­සයේ පොදු ජන­තා­වට එරෙ­හිව අප­රාධ කළ අයම එම පොදු ජන­තාව මර්ද­න­යෙන්, ධන­යෙන් හා බල­යෙන් යට කොට තිස්පස් වස­රක්ම තම අප­රාධ රකි­මින්, තමන්ට නීතියේ රැහැ­නින් ගැලවී යෑමට හැකි වන පරිදි සියලු දේ සකස් කර ක්‍රියා­ත්මක කර තිබුණා.

එහෙත්, 2024 සැප්තැ­ම්බර් 21 වැනිදා සිය­වස් ගණ­නක් මෙරට පොදු ජනයා දුටු සිහි­නය සැබෑ වීමත් සමඟ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ අඳුරු ගබ­ඩා­වක සැඟවී තිබූ මෙම වාර්තාව 25 වස­ර­කට පසු අද හිරු එළිය දැක තිබෙ­නවා.

අපගේ මාතෘ භූමියේ ආධ්‍යා­ත්මයේ ගැඹු­රුම තැන්වල තැන්පත්ව ඇති, සිය­වස් ගණ­නක් මෙරට පොදු ජනයා දුටු සිහි­නය සැබෑ කිරීමේ අර­මුණ දින­වීම වෙනු­වෙන් මර­ණය වැල­ඳ­ගත් විජ­ය­දාස ලිය­න­ආ­රච්චි සහෝ­ද­රයා ඇතුළු පර­ම්ප­රා­වක දුක්, වේදනා සහ අර­ග­ලය පිළි­බඳ මහත් බර­කින් යුත් මෙම වාර්තාව දැන් මම පාර්ලි­මේ­න්තුවේ සභා­ගත කර­නවා.

1989දී රෝහණ විජේ­වීර සහෝ­ද­රයා ඇතුළු දස දහස් ගණ­නක් ඝාත­නය කිරී­මෙන් පසු මගේ මනසේ හා හද­වතේ තැන්පත් වූ විශාල පර්ව­ත­යක් තරම් වූ බරක් තිබෙ­නවා. එය මාගේ පම­ණක් නොව ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමා­ජි­ක­යන්ගේ හිත­ව­තුන්ගේ පම­ණක් නොව ඉති­හා­සයේ නිවැ­රදි පැත්තේ සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාධා­රණ ශ්‍රී ලාංකි­ක­යන්ගේ ද හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දන්නවා.

2024 සැප්තැ­ම්බර් 21 වැනිදා එම ගල් පර්ව­තයේ බරින් සැල­කිය යුතු කොට­සක් අප සියලු දෙනා විසින්ම නිද­හස් කර­ගෙන තිබෙ­නවා.

නමුත් ඒ බර සම්පූ­ර්ණ­යෙන් නිද­හස් කර­ගත හැක්කේ ඒ සාධා­රණ පොදු ජන අර­ග­ලය වෙනු­වෙන් දිවි දුන් සහ අනේක විධ දුෂ්ක­ර­තා­වන්ට මුහු­ණ­දුන් සෑම කෙන­කු­ටම යුක්තිය හා සාධා­ර­ණ­ත්වය ඉටු කිරී­මෙන් පම­ණයි.

එය කළ හැක්කේ ජන­මත විචා­ර­ණය නම් නීති විරෝධී ඡන්ද මංකො­ල්ල­ය­කින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය පැහැ­ර­ගෙන, මුළු රටම එකම විසාලා මහ­නු­ව­රක් කළ බට­ලන්දේ ප්‍රධාන වධ­කයා ඇතුළු ප්‍රධාන අප­රා­ධ­ක­රු­වන්ට නීති මඟින් කට­යුතු කිරී­මෙ­නුයි.

එමෙන්ම 1987 – 1990 මහා සිවිල් යුද්ධ­ය­කට මැදි වී, එහිදී විවිධ පැති ගැනී­මට සිදුවූ විවිධ දේශ­පා­ලන පක්ෂ­ව­ලට සම්බන්ධ හා සම්බන්ධ නැති පොදු ජන­තා­වට මේ මහා සිවිල් යුද්ධයේ මූල හේතුව තේරුම් කර දෙමින්, පොදු ජනයා අතර දේශ­පා­ලන පක්ෂ භේද­යෙන් තොරව මාතෘ භූමිය ගොඩ­නැ­ඟී­මට මේ මොහොතේ ඇති වී තිබෙන පොදු උන­න්දුව තවත් ශක්ති­මත් වන පරිදි සංහි­ඳි­යාවේ හා සමාව දීමේ යෝධ දෑත්ව­ලින් එම ගල් පර්ව­තය මාතෘ භූමියේ හෘද සාක්ෂි­යෙන් බිමට ගෙන මේ මාතෘ භූමිය සද­හ­ටම එම හෘද සාක්ෂි බරෙන් නිද­හස් කිරී­මෙනි.

එම නිසා, මෙම මහා සංහා­ර­යන්හි සැබෑ ඝාත­ක­යන් නීතිය ඉදි­රි­යට පැමි­ණ­වී­ම­ටත් එම ඝාත­ක­යන් තම බලය රැක ගැනීම උදෙසා කරන ලද නීති විරෝධී පාදඩ දේශ­පා­ලන උප­ක්‍රම නිසා එම කාල­යේදී විවිධ පැති ගැනී­මට සිදුවූ පොදු ජනයා අතර සංහි­ඳි­යාව හා සහෝ­ද­ර­ත්වය තව තවත් ශක්ති­මත් කිරී­ම­ටත්, නැවත කිසි දිනෙක අපගේ මාතෘ භූමිය තුළ එවන් සාහ­සික යුග­යක් ඇති නොවන පරිදි කට­යුතු කිරී­මත් අධි­ෂ්ඨාන කර­ගෙන, මෙම බට­ලන්ද වාර්තාව පිළි­බඳ කට­යුතු කිරී­මට ජනා­ධි­ප­ති­තුමා ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය මඟින් ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් ගෙන තිබෙ­නවා.

එමෙන්ම මෙම බට­ලන්ද කොමි­ෂන් සභා වාර්තාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන්ම මවි­සින් පාර්ලි­මේ­න්තුවේ සභා­ගත කරන අතර මන්ත්‍රී­ව­රුන්ගේ සහ ජන­තා­වගේ පරි­හ­ර­ණය සඳහා එය මුද්‍ර­ණය කළ යුතු යැයි ද මා යෝජනා කර­නවා.

එමෙන්ම කොමි­ස­මට අදාළ සාක්ෂි සහිත වෙළුම් විසි­අ­ටක් ද ඉදි­රි­යේදී මෙම පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට අද­හස් කර­නවා.

මාතෘ භූමිය දරා සිටින මෙම මහා හෘද සාක්ෂි බර සම්පූ­ර්ණ­යෙන්ම නිද­හස් කිරීම වෙනු­වෙන් යුක්තිය හා සාධා­ර­ණ­ත්වය වෙනු­වෙන් කට­යුතු කරන සෑම කෙනා­ටම ආරා­ධනා කර­නවා.

****

භෞමික අඛ­ණ්ඩ­තාව ස්වෛරී­ත්වය සුර­කි­මින් විදෙස් ප්‍රති­ප­ත්තිය ක්‍රියා­වට නංව­නවා

ඇමැති විජිත හේරත්

රට තුළ භෞමික අඛ­ණ්ඩ­තාව සහ ස්වෛරී­ත්වය ආරක්ෂා කර ගනි­මින් විදේශ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­වට නංවන බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (15) පැව­සීය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සු­වේය.

Òවැටුණු ආර්ථි­කය ක්‍රමා­නු­කූ­ලව ගොඩ­න­ඟ­මින් රට ඉදි­රි­යට යන බව ලෝකයේ රට­වල් අද වන විට දැන­ගෙන තිබෙ­නවා. අන්‍යෝන්‍ය සහ­යෝ­ගී­තාව පද­නම් කර ගනි­මින් මේ විදෙස් ප්‍රති­ප­ත්තිය අපි ක්‍රියා­වට නංව­නවා. ඉතාම කිට්ටු රාජ්‍ය­තා­න්ත්‍රික සම්බ­න්ධතා පව­ත්වා­ගෙන යනවා. ඔවුන් සුබ­වාදී ලෙස අප දෙස බල­නවා.

පසු­ගිය කාල­යේදී මම සිදු කළ රාජ්‍ය­තා­න්ත්‍රික සංචා­ර­ව­ලදී සැල­සුම් ගණ­නා­වක් සකස් කර තිබෙ­නවා. මහ­ජන චීන ආණ්ඩුව සමඟ අව­බෝ­ධතා ගිවි­සුම් 15ක් අත්සන් කළා. එක්සත් එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ආයෝ­ජන ප්‍රව­ර්ධ­නය සඳහා වූ කොමි­සම ස්ථාපිත කිරී­මට අපි අත්සන් කළා. මෙප­මණ කලක් ඔවුන් බයේ සිටියේ. අපි ඔවුන්ට විශ්වා­සය ඇති කළා. මැද­පෙ­ර­දිග රට­වල් ද අප සමඟ දැන් එක්ව සිටි­නවා. ලෝක වෙළෙ­ඳ­පොළේ අපේ පංගුව වැඩි කිරී­මට පිය­වර ගෙන තිබෙ­නවාÓ යැයි කීවේය.

****

විදෙස් ආයෝ­ජ­ක­යන් ගෙන්වී­මට රට තුළ හිත­කර පරි­ස­ර­යක් ඕනෑ

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

රට තුළට විදේශ ආයෝ­ජ­ක­යන් ගෙන්වා ගැනී­මට රජය විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.

විදෙස් ආයෝ­ජ­ක­යන් ගෙන්වී­මට නම් හිත­කර පරි­ස­ර­යක් රට තුළ පැවැ­තිය යුතු බවත් රට තුළ තැනින් තැන වෙඩි තැබීමේ සිදු­වීම් හේතු­වෙන් ජාතික ආර­ක්ෂාව අනා­ර­ක්ෂිත වී ඇති බවත් මෙම කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් ජාතික ආර්ථි­කය ශක්ති­මත් කිරීම උදෙසා විශේෂ අව­ධා­නය යොමු කළ යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ විදේශ කට­යුතු විදේශ රැකියා හා සංචා­රක අමා­ත්‍යාංශ පිළි­බඳ කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ අක්මී­මණ, බූස්ස, තල්දෙන, මීග­හ­කි­වුල, අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස, වැලි­වේ­රිය වෙඩි තැබීම, මූතු­ර්වල ජීවිත අහිමි වීම් මෙන්ම අම්බ­ල­න්ගොඩ, කොළඹ ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේ­ශ­වල ඝාතන සිදුව ඇති බවයි. මේ අනුව මහ­ජන ආර­ක්ෂාව පිළි­බඳ ලොකු ගැට­ලු­වක් පව­තින අතර මෙය රටේ ජන­තා­වට මෙන්ම සංචා­රක ක්ෂේත්‍ර­යට ද බල­පාන බවයි.

****

සිවිල් යුද්ධයේ ඝාතන ගැනත් විම­ර්ශන කරන්න

මන්ත්‍රී ශාන­ක්කි­යන් රාස­මා­ණි­ක්කම්

බට­ලන්ද වධ­කා­ගා­රය ක්‍රියා­ත්මක වුණේ 1989දී බවත් 2008 – 2009 කාලය තුළ සිවිල් යුද්ධ­යක් ක්‍රියා­ත්මක වූ බවත් මේ කාලයේ සිදුවූ ඝාතන ගැනත් විම­ර්ශන සිදු කළ යුතු බවත් මඩ­ක­ල­පුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන­ක්කි­යන් රාස­මා­ණි­ක්කම් මහතා පාර්ලි­මේ­න්ත්තු­වේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.

අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට සහ­භාගි වෙමින් මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සීය.

ජනතා විමුක්ති පෙර­මුණ සිදු කළ ඝාතන ගැනත් විම­ර්ශන කර­න්නට සිදු වෙන නිසා මේ වාර්තාව ඉදි­රි­පත් කර­න­වාට ජවිපෙ අය ගොඩක් කැමති වුණේ නැහැ මේ වාර්තාව ගේන­වට.

මේක සභා­ගත කළේ නැත්නම් කුමාර් ගුණ­ර­ත්නම්ගේ පෙර­ටු­ගාමී පක්ෂය ජනතා විමුක්ති පෙර­මුණ තවත් කෑලි 10කට විතර කඩ­නවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ. ඒ නිසා කොමි­ෂන් සභා වාර්තා­වෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදි­හට ජේවීපී එකේ මේ ඉන්න නාය­ක­යොත් ඒ දව­ස්වල අවු­රුදු 18-20 අය. බට­ලන්ද කොමි­සම හරහා ජේවීපී එක කරපු ඝාත­න­ව­ලත් දැන් ලිස්ට් එළි­යට එනවා. ඒවා සම්බ­න්ධව පරී­ක්ෂණ කරන්න වෙන හින්දා ජේවීපී එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභා­ගත කර­න­වාට. මේකෙන් වෙන්නේ සභා­ගත කිරීම පම­ණයි. මම අද කැට තියලා කිව්වා කියලා හිතා­ගන්න. කථා­නා­ය­ක­තුමා සංවේදී වෙනවා මම දැක්කා. අපිත් සංවේදී මේ වගේ දේව­ල්ව­ලට. හැම­දේ­ක­ටම සංවේදී වෙනවා නම් හොඳයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT