වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති තුළින් බැහැරව ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යාමේ වැදගත්කම චීනයේ ඉදිරි සැලසුම් ඉදිරිපත් කෙරුණු 2025 වසරේ චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබද කොළඹදී පැවති විද්වත් සංවාදයේදී සාකච්ඡාවට ලක්විය.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය එය සංවිධාන කළේය.
චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සදහන් විය. එම සැලසුම් වත්මන් ලෝකයේ ප්‍රගමනයට ලබා දෙන දායකත්වය සහ එම සැලසුම් තුළින් ශ්‍රී ලංකාවට ලබා ගැති ආදර්ශයන් මෙම සංවාදයේදී පුළුල් ලෙස අවධානයට ලක්විය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ , ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ, ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ , චීන අධ්‍යයනය පිළිබද විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ, මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය,කොළඹ විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ,මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක , ජාතික ජනබල වේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නීති කමිටු සාමාජික , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ , නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී සිය අදහස් දැක්වූහ.