‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය නොකඩවා ලබාදෙමින් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාලව දිවයිනපුරා තෝරාගත් පාසල් වෙත මේ වනවිට ආරක්ෂක සේනා මූලස්ථාන අධීක්ෂණය යටතේ 14500කට අධික යුද්ධ හමුදා භට පිරිසක් යොමුකර ඇත.
යුද්ධ හමුදා භට පිරිස්හි තාක්ෂණික සහාය හා ශ්‍රම දායකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ වූ 2025 පෙබරවාරි මස 20 වැනිදා සිට අද(17) දක්වා පාසල් 496ක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර තිබේ.
තවද මේ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ පාසල් ගොඩනැගිලි 300කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර පිලිසකර කිරීම හා පාසල් තුළ විනාශ වී තිබු වැටමායිම් සකස් කිරීම, පාසල් වෙත පිවිසුම් මාර්ග ප්‍රථිසංස්කරණය කිරීම මෙන්ම භාවිතයට නුසුදුසු තත්වයේ තිබූ ඩෙස්පුටු 5500කට ආසන්න ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමද සිදු කරන ලදි.
දීප ව්‍යාප්තව තෝරාගත් පාසල් තුළ මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක අතර එම පාසල් ආශ්‍රීත ප්‍රදේශවාසීන්, පාසල් කාර්යය මණ්ඩල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපිය සහයෝගයද යුද්ධ හමුදාව වෙත නිරන්තරයෙන් හිමිව ඇත.