17
පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල සහ මොනරාගල මහානාම විද්‍යාලයේ පාසල් සිසුන් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පසුගියදා (12) පැමිණ තිබිණි. එහිදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවීමටද සිසුන්ට හැකි වූ අතර එහිදී ඒ මහතා පැවසුවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුම්වත් කිරීමටත්, ඒ සඳහා ඇති අවස්ථා පුළුල් කර පහසුකම් සැකසීම සම්බන්ධයෙනුත් අවධානය යොමුව ඇති බවයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ ආදි සිසුවකුද වෙයි.