Sunday, April 20, 2025
Home » පළාත් 5කට අද තර­මක තද වැසි

පළාත් 5කට අද තර­මක තද වැසි

by damith
March 17, 2025 4:04 pm 0 comment

උපාලි කරු­ණා­රත්න සහ මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ
weather rainny

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු සහ වයඹ පළා­ත්ව­ලත් මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ස්ථාන­ව­ලට අද (17) දිනයේ ප.ව 2.00න් පමණ පසුව මි.මී 50ට වැඩි තර­මක තද­වැසි ඇති­විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කාල­ගුණ අනා­වැ­කි­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති­විය හැකි තාව­කා­ලික තද සුළං­ව­ලින් සහ අකුණු මඟින් සිදු­වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ද දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි. නැඟෙ­න­හිර, ඌව පළා­ත්ව­ලත් පොලො­න්න­රුව, නුව­ර­එ­ළිය, මාතලේ දිස්ත්‍රි­ක්ක­ව­ලත් වැසි­වාර කීප­යක් ඇති වේ.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් දිස්ත්‍රික්ක නව­යක ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 40ක පුද්ග­ල­යින් 135ක් බල­පෑ­මට ලක්වී ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය තත්ත්ව වාර්තාව නිකුත් කර­මින් සඳ­හන් කරයි.

පසු­ගිය 06 වැනි දින සිට ඊයේ (16) පෙර­වරු 6.00 දක්වා වලං­ගු­වන පරිදි මෙම තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත. පූර්ණ නිවාස හානි 01ක් ලෙසද, අර්ධ නිවාස හානි 27ක් ලෙසද, උල්හි­ටිය රත්කිද, කලා­වැව, රාජාං­ග­ණය, සේනා­නා­යක සමු­ද්‍රය ජලා­ශ­වල වාන් දොරටු විවෘත කර තිබෙන බවද එහි සඳ­හන් වේ. ඇල්ල වැල්ල­වාය මාර්ගයේ කර­ද­ගොල්ල ස්ථානයේ නාය­යෑම් හේතු­වෙන් ඇතිවූ අව­දා­නම අවම මට්ට­ම­කට පැමිණ ඇති බැවින් එක් මං තීරු­වක් පැය විසි­හ­තර පුරාම ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­මට තීර­ණය කර ඇති බවත් බදුල්ල ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ඊයේ (16) පෙර­ව­රුවේ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය දැනු­ම්වත් කර තිබේ. එහෙත් අව­ධා­න­යෙන් යුතුව ගමන් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT