මෙම දිනවල මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්රමාණය ශීඝ්රයෙන් ඉහළ යෑමත් සමඟ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්රමාණය ද බහුල ලෙස වැඩිවී ඇත.
සතිඅන්ත දිනවල දේශීය සංචාරකයන් වැඩිවශයෙන් පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණියත් පසුගිය (16) සති අන්ත දින දේශීය සංචාරකයන් ප්රමාණයට ආසන්න විදේශීය සංචාරකයන් පිරිසක් පින්නවලට පැමිණ තිබිණි.
එලෙස පැමිණි විදේශීය සංචාරකයන් අලි අනාථාගාරයේ වෙසෙන අලි ඇතුන් නෑවීමට සහභාගි වූ අයුරුයි මේ. අලි අනාථාගාරයේ වෙසෙන තෝරාගත් අලි ඇතුන් නෑවීම සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 885/- ක් ප්රවේශපත්ර ගාස්තුවට අමතරව අය කෙරේ.
මෙයට අමතරව අලින්ට පලතුරු කැවීම සඳහා රු.590/-කට පලතුරු වට්ටියක් සමඟ අවස්ථාව සලසා දී ඇති අතර, අලියකු සමඟ ගමන්කරමින් සමීපව ඡායාරූප ගැනීමට රු.1180/- ක් ගෙවීමෙන් ඇතුළුවීමේ ප්රවේශපත්රයට අමතරව මුදල් ගෙවා අවස්ථාව ලබාගත හැකි බව අලි අනාථාගාරයේ ප්රකාශකයකු පැවසීය.